මුල්ලේරියාවේ ආච්චි
නිශාන්ත වික්‍රමසිංහ
එම් ඒ
ජොස්ලින් පෙරේරා කියා ඇමතුවොත් අපගෙන් අතලොස්සක් පමනක් දන්නා නමුත්, මුල්ලේරියාවේ
ආච්චී යනුවෙන් අප සැවොම දන්නා ඇය අද දිනදී තම ජීවිතයෙන් සමුගෙන මෙලොවින් නික්ම
ගියාය. මහම්මා, හා අප අද නම්
කරන උඩුපිල පලවෙනි පරම්පරාවේ උඩුපිල ආච්චී හෙවත් සමකාලිනයන් ආමන්ත්‍රනය කල පරිදි
කොළඹ අක්කා, පුංචි සීයා, පුංචි ආචිචී, ලොකු පොඩි
සීයා, චුට්ටන් පොඩි සීයා, එමා නෝනා ආච්චී හා මුල්ලේරියාවේ ආච්චී
අප කුඩා කල උඩුපිල පවුලේ ඉහලින්ම සිටි අයවලුන් විය. උඩුපිල එම
පරම්පරාවේ අවසන් පුරුකක් වූ මුල්ලේරියාවේ ආච්චී ද ජීවිතයේ අනිත්‍ය සිහි කරමින් 96 වසක් ආයු
වලඳා අද දිනදී සැමට සමු දෙන ලදී. 1926 සැප්තැම්බර් 12 වැනි දින
උපත ලැබූ ඇය විවාහ වුයේ ඩබ් ඒ ඩී එමෝනිස් සිංඤ්ඤෝ හෙවත් ලොකු පොඩි සීයා සමගිනි. උඩුපිල (නිවාඩුවට)සිටින
විට අප නෑමට යන්නේ පහළ නාන ලිඳටය. කුඩා කල තනිවම හෝ අපේ වයසේ අයත් සමඟ හෝ පියසිරි
බාප්පාගේ නිවස පසුකර ඊට වඩා පහළට යෑම තහනම් ය. එමෙන්ම ලොකු පොඩි සීයාලගේ ගෙයින්
පසූ නාන ලිඳ පැත්තට දීවීම ද තහනම් ය. නාන ලිඳට යන අඩි පාරේ පසෙක පිහිටි පියසිරි
බාප්පාලාගේ නිවස අසල පිහිටා තිබූ අනාරක්ශිත ලිඳ ඊට
එක් හේතුවක් විය. එහි මැදක් පමනට වන්න හරහට ලී කොට දමා තිබූ අතර ඒ මතට නැගී කඹයක
බැඳි බාල්දිය ලිඳට දමා වතුර ගන්නා ලදී. කුඩා කල අපහට ඒ අසලින් හෝ වැඩිහිටියෙකු
නොමැතිව හෝ ගමන් කීරීමට තහනම් කර තිබූ අතර, අප නාන ලිඳට යද්දී මුල්ලේරියාවේ ආච්චී
හෝ ඒ ගෙදර වැඩිහිටි කවුරුන් හෝ අවදානම් කලාපය පසු කරනතෙක් අප ගැන විපරමින්
සිටියෝය. එම ලිඳ අසලින් ගමන් ගන්නා අප හට ලිඳට හැකි පමන් දුරින්, එමෙන්ම
කලබල නැතිව සීරු මාරුවෙන් ගමන් කිරීමට උපදෙස් සෑම විටම ලැබින. තවත් හේතු
සාධක වූයේ ඊටත් පහලින් තිබූ ලිඳත්, වත්තේ මුල්ලේ තිබූ ලිඳත්, ගොවි
මහත්තයාලගේ වත්තේ කෙලවරේ තිබූ ලිඳත් ය. ඒ ලිං සියල්ලම අනාරක්ශිතය. නාන ලිඳ, යාබද
කොරටුව, පාගා ගත් ගොයම් කොලවල පිනුම්, වෙල,
මොනරුන්, මහ හේනේ
විස්තර පසුව දන්වමි. එමෙන්ම
සාමාන්‍යයෙන් මුල්ලේරියාවේ ආච්චී සෑම දාම පාහේ සවසට කඩේ යන අතර යන ගමන් මහගෙදරට
ගොඩවී හෝ මග සිට හෝ “කොළඹ අක්කේ මම හන්දියට යනවා මොනවා හරි
ගේන්න ඕනෑදැයි” විමසන්නීය. එසේ ගොස් නැවත එන විටදී ඇය දැනගත් තොරතුරු ද ආච්චී
හමුවේ තබයි. ඔවුන් අතර රටේ තොටේ කාරනා කාරනා සමාලෝචනද එම අවස්ථා වලදී සිදුවේ. එය
උඩුපිල සාමාන්‍ය දින චරියාවේ අංගයක් වින. පොඩි අයට
ගස් නැගීමට අවසර නොතිබු නමුත්, ලොකු පොඩි සීයාගේ අසල තිබූ වෙරලු, රඹූටන්, නාරං, ජම්ඹු, පේර ආදී
සෑම ගසකටම නැගීමට මුල්ලේරියාවේ ආච්චීගෙන් අවසර ලද්දේ, නාගෙන නැවත
පැමිනිමින් සිටි අපි වැස්සට චුට්ටම් පොඩි සීයාලාගෙ ගෙදරට ගොඩවී සිටි අවස්ථාවකදී
අපේ තාත්තා මුල්ලේරියාවේ ආච්චී, එමා නෝනා ආච්චි ඇතුලු අයට, අප හට හැකි
නම් ඕනෑම ගසකට නැග්ගාට කමක් නෑ යනුවෙන් පැවසීමෙන් අනතුරුවය. එවිට මුල්ලේරියාවේ
ආච්චීත් එතන සිටි එමා නෝනා ආච්චීත්, චුට්ටන් පොඩි සීයාත්, සිනාවෙමින්
“තාත්තාත් (පේමසිරිත්) ඉතිං ඒ කාලේ ටාසන් පෙන්නපු එකේ පුතාලත් ඒවා කරන්න
එපෑයැයි” කියා සිටි බව මට අද වගේ මතකය. ඔවුන් ගෙන් එදිනත්, ඊට පසුවත් දැනගත් අපේ
තාත්තාගේ ටාසන් ක්‍රියා වෙනම මාතෘකාවකි. අවුරුදු
කාලයේදී නෑමට යද්දී මුල්ලේරියාවේ ආච්චී හෝ ඇයත් සමග පියසිරි බාප්පාගේ නැන්දා වන
කරුණාවතී නැන්දා කොකිස් කැවුම් ආදීන් සාදමින් සිටී නම් ඒවායේ ගුන අගුන සැමටම
කලින් බැලීම ද අපේ අනිවාර්ය අංගයක් වින. සෑම දෙයක්
ම පිළිබඳව උපේක්ෂා සහගතව බැලූ ඇය සැමදා සිනා මුසු ව සිටියාය. ඇයට වඩා
අවුරුදු කිහිපයකින් පමණක් බාල අපේ තාත්තාගේ අවමගුලට පැමිණි ඇය ශෝක වෙමින්
තාත්තාගේ පරණ විස්තර කතා කරමින් සිටි නමුත්,
රටේ පවතින සෞඛ්‍ය
තත්ව නීති හමුවේ ඇය හට අවසන් ගෞරව දැක්මීමට යාමට නොහැකි වීම ඉතා කණගාටුවට
කරුනකි. ජීවන
ගමනින් සමුගත් ඇය හට අමා මහ නිවන් සුව ලැබේවා යි පතන්නෙමි...! න.දී. වික්‍රමසිංහ තුල්සි
වික්‍රමසිංහ Saddened
by the news at this worst hour. She
was approaching 100 yrs. In
fact as we were leaving last January, she was very fit and in good spirit. Sad to see her go. If
you meet the family, please tell them on our behalf that we bring our
heartfelt condolences at this hour. May
she attain supreme bliss of Nirvana!
[07:16, 01/11/2020] අජිත් වික්‍රමආරච්චි: මුල්ලේරියාවේ
පුංචි අම්මා පිළිබදව මා තුල ඇත්තේද ඉතා ප්‍රසාද ජනක සිතුවිලියි. ඒ පවුල් දෙකේම
අය කුඩා අපිට ඉතා සෙනෙහසින් සැලකූ බව මට හොදින් මතකය. නිශාන්ත සදහන් කල ඒ
අනාරක්ෂිත ළිද අදටත් මගේ ඇග කිලිපොලවයි. චුට්ටං පොඩි බාප්පා, ලොකු පොඩිට වඩා පොඩ්ඩක් චන්ඩියි.....
එම ලිපිය
මා විසින් නන්දසිරි බාප්පාටද යැවූ අතර, ඔහුගෙන්
ලද පිලිතුර ඔබ සැමගේ
දැනගැනීමට පහත
දැක්වෙයි . " තුන්
මුණුබුරන් දැකීම විරල
අවස්ථාවකි. මුල්ලේරියාව ආච්චි තුන් මුණුබුරන් දැකීමට වාසනාවන්ත වූවාය.
නිශාන්ත අයියා, ඔබගේ
මේ රසවත් ඉදිරිපත් කිරිම තුලින් පැහැදිලි වනුයේ ඔබ ඒ පරිසර කෙතරම් වින්දා ද
කියාය. අද මේ වික්‍රමසිංහ නමින් ගොඩනැගී ඇති මහා වෘක්ෂය අතුරිකිලි විහිදි පැතිරී
ඇති බවින් කියාපානුයේ මෙම විකුම් සිහ පවුල හා පරිසරය එකිනෙකාට කොතරම් සමීපව
කටයුතු කළා ද යන්නයි [11:35, 01/11/2020] නිල්මිණි
වික්‍රමආරච්චි (යටියාවල) “මටත් මුල්ලේරියාවෙ ආච්චි ගැන යමක් කියන්න තියෙනවා. මම බැන්දපු අලුත. අජිත් බන්ටි නැන්දාත් සමඟ උඩුපිල
ගියා ආච්ච් බලන්න. මමත් අජිතුත් තුල්සි අයියාත් නාන ලින්ද පැත්තෙ ගියා. වෙල
එගොඩහ මහහේන කියල මුකලානක් පෙන්නුවා මුල්ලේරියාවේ ආච්චි. එයා එතකොට නාන්න ඇවිල්ල. යන ගමන් කිව්වා එයාට
නොකියා යන්න එපා කියල. ආපහු එනකොට තම්ම්බපු කිරිඅල පිඟානක් දුන්නා කට්ට සම්බොල
එක්ක. මගෙන් ඇහැව්වා දුවේ ඔයාට බබෙක් එහෙම හම්බවෙන්න නැහැ නේද නැත්නම් මේ කිරිඅල
හොඳ නැහැ කියල. මට හිනත් ගියා. එතකොට මම විවහ වෙලා මාස හයක් වත් නැහැ. අජිත් ව කොහේ
දැක්කත් මේ අපේ බන්ටි නෝනගෙ ලොකු
පුතා නේද කියල දුවනවා. එයාගෙ හිමින් ගමන් නැහැනෙ. හරිම කරුනාවන්ත යහපත් කෙනෙක්
හැටියයි මම දකින්නෙ."
තාරක මල්ලි
ඔයා හරියට හරි. |
No comments:
New comments are not allowed.