[05/11 23:24] නිශාන්ත වික්‍රමසිංහ විසිනි:
අපේ අයගේ විස්තර - 01 වන ලිපිය
උඩුපිල
ආච්චිගේ විස්තර
අපේ මුත්තා
වන උඩුපිල ආච්චිගේ පියා බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජේමිස් (ව්‍යාපාරික) වූ අතර, උඩුපිල ආච්චිගේ මව වූයේ දෝන හෙලේනා
(මහම්මා) ය. ඇගේ පෙලපත් නම නොදනිමි.
බුත්පිටිය
ලේකම්ලාගේ දොන් ජේමිස්,
ව්‍යාපාරිකයෙක්
ව සිටි අතර කොළඹ නගරාධිපති ගේ කාර් රථයද මිලට ගන්නා ලදී.
කොළඹ
පදිංචිව සිටියේ කොස්ගස් හංදියේ පරණ පොලිසිය අසළ තිබු ලැටිස් නිවසකය. එතැන ලැටිස්
නිවාස තුනක් තිබී ඇති අතර ඉන් ගෙවල් දෙකක් ඔහුගේ විය. ව්‍යාපාරික හා කොන්ත්‍රාත් කටයුතු පිණිස අවශ්‍ය දැව සෙවීමට හංවැල්ල ප්‍රදේශයට
යාමේ දී පසුකාලීනව ඔහුගේ බිරිය වූ හෙලේනා ආච්චී
ව නොහොත්
මහම්මා හමු වී ඇත. සමනබැද්ද ගමේ පදිංචිව සිටි මහම්මා විසින් එකල තේ කඩයක් කරමින්
සිටි බවත්, සීයා එහි
තේ බීමට පැමීණීමෙන්,
එතනදී ඇයව
දැන හඳුනාගෙන ඇති බවත්,
එම හැඳින
ගැනීමේ අවසන වුයේ ඒ දෙදෙනාගේ විවාහයෙන් වගත් මාගේ දැනීමයි. මහම්මා ඊට පෙර ද
විවාහ වී (කසාදයක් කර ගෙන) සිටි බවද අසා ඇත. මහම්මාගේ වියදම් අධික වූ අතර ඒවා
සීයාගේ ආදායම් වලට වඩා වැඩි වී ඇත. සීයාගේ ව්‍යාපාර ක්‍රමයෙන් පාඩු ලබන්නට වුයේ
ඒ නිසා බවද අසා ඇත.
කුඩා කල
මගේ සිත් ගත් චරිතයක් වූ නීති රෙකුලාසි නොඅඩුව තිබූ මහම්මා ගැන වෙනම ලියමි.
මහම්මාට පූගොඩ, ඒතන්
රාළහාමි නම් සහෝදරයෙක් සිටි අතර පාලුගමින් කසාදයක් කරගත් අමරසේන මාමාගේ, බිරියද ඒතන් රාළහාමි ගේ පුතකු ගෙන් පැවත
එන්නෙකි. මහම්මාගේ පවුලේ අනෙක් අයගේ විස්තර නොදනිමි/අමතකය.
ඒ දෙපලගෙ
දරුවන් වන්නේ (අපේ තාත්තාට, ආච්චීට හා පද්මා නැන්දාට හා ගාමිනී
බාප්පාට අනුව),
1. බුලත්කොහුපිටිය, හිඟුරල පදිංචිව සිටි ලොකු අම්මා (ආච්චී)
2. නාගලගම්
වීදියේ පදිංචිව සිටි හීරලු ලොකු අම්මා (ආච්චී)
3. එලිසා නෝනා
හෙවත් හෙවත් මාපිටිගම පදිංචිව සිටි ලොකු අම්මා (ආච්චී)
4. දෝන
මැගිලින් නෝනා (උඩුපිල ආච්චී) පසුව මැගී නෝනා නම් විය
5. දොන්
ඩේවිඩ් මාමා (සීයා)
6. දෝන චන්ද්‍රලතා
මැණිකේ පුංචි අම්මා (පුංචි ආච්චී)
වැඩිමල්
දියණිය වූයේ බුලත්කොහුපිටිය, හිඟුරල පදිංචිව සිටි ලොකු අම්මා (ආච්චී)
ය..
මා හට
හමුවී නොමති නමුත්,
දෙවන මහා
සංග්‍රමය පැවති (1939-45) කාලයේදි
කොළඹ තබා ගැනීමට බියෙන් වැඩිහිටියන් විසින් ළමුන්ව දුර බැහැර රඳවා තිබූ අතර
අමරසේන මාමා, පද්මා නැන්දා, නේසදාස (මහත්තයා) මාමා වැනි සමහරුන් සිට
ඇත්තේ එහිය.
දෙවන
දියණිය වූයේ තොටලඟ,
නාගලගම්
වීදියේ පදිංචිව සිටි හීරලු ලොකු අම්මා (ආච්චී) ය.
මා
දැනුවත්ව ඔවුන් හට නේසදාස (මහත්තයා මාමා), හා විජය (රාළහාමි මාමා මතක ඇති ලෙසින්)
යනුවෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු සිටියේය. නේසදාස (මහත්තයා මාමා) ගේ බිරිය ගුණවතී
නැන්දා වූ අතර දරුවන් අතර මදුරා අක්කා නමින් අපට වැඩිමහල් දුවක් සිටී. මදුරා
අක්කාගේ අයියා බ්ලොක් ගැසීමේ ව්‍යාපාරයක් කරමින් සිටි අතර කලකට ඉහතදී මිය ගියේය.
මහත්තයා මාමාලාගේ තොටලඟ ගෙදරට තාත්තා සමග ගොස් ඇති අතර අවසන් වරට එම නෑයන් හමු
වුයේ 1984 පමන මිය
ගිය සේදවත්තේ රූපසිංහ මාමාගේ අයියාගේ අවසන් කටයුතු වලදීය. රාළහාමි මාමා BCC ආයතන යේ වැඩකල අතර පදිංචිව සිටියේ
දරමඩුව හංදියේ නුවර පාරත් ටයර් සංස්ථාවට යන පාරත් අතර මුල්ලේ පිහිටි නිවසේය.
තෙවන
දියණිය වූයේ එලිසා නෝනා හෙවත් අපේ තාත්තලා ලොකු අම්මා නමින් හඳුන්වන මාපිටිගම
පදිංචිව සිටි ආච්චීය.
ලුණුවිල, මොරලියගේ විලියම් සිංඤ්ඤෝ සමග විවාහ වූ
ඔවුන් ගේ දරුවන් වන්නේ පිලිවෙලින් අමරසේන (රතුපස්වල පසුව මුදුන්ගොඩ), කරුණාසේන (ගනේමුල්ල), පද්මා (1936.04.07 සේදවත්ත), රූපා (වැලිවේරිය) හා රත්නසේන (කලුබෝවිල
පසුව කැස්බෑව) ය.
කල්යාණී, විමලා කටුගම්පොල (රජයේ ගුරු හා බන්ටි
නැන්දාගේ හා උක්කුං නැන්දාගේ හේනේගම මධ්‍ය මහා විදුහලේ නේවසිකාගර බැච් මේට්), රූපසිංහ (දැව ව්‍යාපාරික හා එක්සත් පක්ෂ නියෝජිත-සේදවත්ත), නිමෝනිස් (යුද හමුදාව) හා සීලවතී යන
නැන්දාලා හා මාමලා සමග ඔවුන් විවහ වී සිටී.
තාත්තා ලද
තැපැල්පති තනතුර එම පවුලේ අමරසේන බාප්පා හට ලබා දී ඇත්තේ එකල ඔවුන් ගේ ආර්ථික
දුශ්කරතා නිසාය.
පවුලේ
සතරවැන්නා වූයේ අපේ ආච්චී වන දෝන මැගිලින් නෝනා නොහොත් මැගී නෝනා හෙවත් ගමේ
දන්නා පරිදි කොළඹ අක්කාය. 1908.11.15 උපත ලැබූ ඇය මෙලොවෙන් සමුගත්තේ 1999.01.30 වැනි දිනය. වික්‍රමසිංහ ආරච්චිලාගේ දොන් එලාරිස්
(ලියන මහත්තයා 1898 - 1965.10.17) සමග විවාහ
වූ කතාව ඉතා රසවත් එකකි.
උඩුපිල
ආච්චිගේ (මැගිලින්/මැගි නෝනා) තාත්තා වන දොන් ජේමිස්, ඔහුගේ කොන්තරාත් වැඩ හා ව්‍යාපාර සඳහා
ගොඩනැගිලි ද්‍රව්‍ය ණයට රැගෙන ගොස් ඇත්තේ උඩුපිල සීයා වන දොන් එලාරිස් ගෙන්ය.
පසුව ක්‍රමක් ක්‍රමයෙන් එම ණය ප්‍රමානය වැඩිවීම නිසා ඒ ගැන විමසීමට උඩුපිල සීයා (දොන්
එලාරිස්) දොන් ජේමිස් ව හමුවීමට ඔහුගේ ගෙදරට ගොස් ඇත. එහිදී සීයාට ආච්චීව පළමු
වරට හමුවී ඇත. සමහරු කීවේ සීයා ඒ ගෙදරට එන අවස්ථාවේදී ආච්චී රෙදි සෝදමින් සිටි
බවයි. තවත් සමහරුන්ට අනුව ගෙදරට පිවිසි සීයාට මුලින්ම හමු වුනේ ආච්චී බවය. තවත්
කතාද ඇත. ඒ කෙසේ වුවත් ඒ ගමනේ අවසාන ප්‍රතිපලය වුයේ “මට ලැබීමට ඇති ණය මුදල් ඕනෑ නැහැ. මට
මෙයාව කසාද බන්දලා දෙන්න” කියා සීයා එදින එතන දීම තම අනාගත
භාර්යාව තෝරා ගනු ලැබීමය. (fall in love at first sight).
කොටින්ම
කීවොත් පරන අයගේ වහරට අනුව සීයා දෑවද්ද දීලා තමයි ආච්චීව කසාදයට ගත්තේ.
අතීත කතා
කියද්දී ආඩම්බරයෙන් සිනාසෙමින් ආච්චීද මා සමග ඒ බව පවසා ඇත.
සිනා වන
විට ආචිචිගේ කම්මුල වල ගැසේ. මා හටද එය උරුමයෙන් ලැබී ඇති අතර ඒ බව මුල් වරට මා
දැන ගත්තේ, කුඩා කල මා
සිනාවෙන විටක ආච්චි ඒ බව කියා සිටි විටදීය. මා දැනුවත්ව පවුලේ කම්මුල වල
ගැසෙන්නේ චන්ද්‍රා නැන්දාගේ පමනි.
ඒ පිළිබඳව
අතීතය පවසමින් අච්චී,
මා සමග
කියා සිටියේ, විවාහයට
පෙර සීයාට සමහරුන් කියා තිබුනේ මූහුණ වල ගැසෙන ගෑනුන්, කණවැන්දුම් වන බවත් එහෙයින් මෙම මගුල
නොකරන ලෙසත් ය. එම උපදෙස සීයාට දී ඇත්තේද ආච්චිගේ ගෙදරදීම වීම විශේෂයකි. ගෙදර
ගිය සීයා, එදිනම සවස
ආච්චීට කවියක් ලියා එවා තිබූ අතර, එහි යටම කවි පදය යට ඉරක් ගසා විශේෂණයක්
කර තිබුනි.
පැරනි උපදෙස්
කවියක් වන එහි යටම පේලියේ තිබුනේ ද කණවැන්දුම් වන්නා වූ මුහුණේ කම්මුල වල ගැසෙන
ගෑනුන් සරණ පවා නොගන්නා ලෙසටය. “කිසිදිනකත් සරණ පාවා නොගනින් කම්මුල වල
ගැසෙන කතුන්” වලට සමාන
අවසන් පදයක් ඇති, ආච්චී
විසින් කියූ එම කවිය එකල මට පාඩම් ය. ආච්චීටද ඒ කවිය කට පාඩම් ය. ඒ අතීතය
ආච්චී සමග කතා කරන විට මාත් සමග අතීතයට යන ආච්චිගේ මුවට ඉබේම මදහසක් නැගන අයුරු
දැනටත් මට මේ අද වගේ මතකය. සීයාගේ විස්තර සහිත එක් අවස්ථාවකදී මා ඇයට කීවේ සුදු නම් ආච්චිගෙ
මූහුන රතුවන වන බවය. මතක ඇති විදිහට අවසන් වරට මා එම කවිය ආච්චී සමග පවසා අතීත
විස්තර කතා කරේ 90 වේ දසකයේ
මුල ගනන් වල ලංකාවට පැමිනි විටක එකල එක්තැන්ව සිටි ආච්චීව බැලීමට තමල් නැන්දලගේ නිවසට
ගිය දිනකය.
එම කවිය
සහිත පොත ආච්චිගේ කාමරයේ තිබූ සිටගෙන භාවිතා කිරීමට සාදා තිබෙන සීයාගේ උස ලියන
මේසයේ තබා තිබූ පවුලේ තල් පත් කේන්දර සමග තිබුනි.
වික්‍රමසිංහ
ආරච්චිලාගේ දොන් එලාරිස් හෙවත් ලියන මහත්තයා (1898 - 1965.10.17) සමග විවාහ
වූ එම දෙපොලට පිලිවෙලින්, ජයවතී (ලොකු නැන්දා 1927.01.06 - 1975.01.16), ප්‍රේමසිරි
(1928.08.20 -
2008.08.18), සෝමසිරි (1931.04.09 - 2020.08.02), ගුණසිරි (1933.12.12 - 1997.09.02), විමලාවතී
(බන්ටී 1935.12.09), කිත්සිරිවතී
(උක්කුං 1937.12.31), තමල්
කේසවතී (1940.02.26), බන්දුසිරි
(1943.04.16), චන්ද්‍රා
ශ්‍රිමතී (1945.01.24, අමරසිරි (1947.04.03 ), පියසිරිවති
(නෝනා 1949.11.16), විජයසිරි (1952.04.20) යනුවෙන් දරුවන් දොලොස් දෙනෙක් පසුව
ඉපදින.
ඔවුන් ගේ
ජීවන සහකරුවන් වුයේ විජයදාස වික්‍රමාරච්චි (ඉඹුල්ගොඩ රතු පස්වල), මද්දුම ලියන අරච්චිගේ දෝන ගුණසීලී
වීරතුංග (මාතර නාවිමන 1933.12.20
- 2004.05.26), ලිනට් තිළකවර්ධන (මාතර මඩිහ 1934.01.01 – 2017.01.08), ගලබඩ
පයියාගලගේ ජයම්පතී කරුණාරත්න (ඉඳුරුව කයිකාවල 1931.10.28 - 2005.04.19), ධර්මදාස වික්‍රමාරච්චි (ඉඹුල්ගොඩ රතු පස්වල 1930.01.18 - 2006.01.31), චන්ද්‍රසේන
හේවාගීගනගේ (මහව මාමා,
මාතර
කැකුනදුර 1933.06.16 -
2017.11.15), කැකනදුර ලියනගේ සැම්සන් සෝමපාල (වැලිගම
වැලිපිටිය 1935.08.09 -
2017.12.31), දෝන ප්‍රියන්තී මල්ලිකා රාජපක්ෂ
(සමනබැද්ද 1951.02.10), දොන්
එඩ්ව(ර්)ඩ් නෙවිල් රාජපක්ෂ (කෝට්ටේ 1946 .01.29), මීපේ ගල්කැටිය ගමගේ මාලණී ප්‍රේමලතා
(මාතර කුඹල්ගම 1950.08.24), උඩුව විදානගේ දොන් සිරිසේන (මාබිම
හෙයියන්තුඩුව 1943.09.16), ස්වර්ණා
සිරිවර්ධන (මීගමුව අක්කර පනහ 1953.03.13) යන පුංචි අම්මලා හා මාමලාය.
මෙයින්
විජයදාස හා ධර්මදාස
මාමාවරුන්, එම වික්‍රමාරච්චි
පවුලේ වැඩිමල්ම හා බාලම සොහොයුරන් වන්නේය.
පස්වන දරුවා වන දොන් ඩේවිඩ් ඉගෙන ගත්තේ කොලඹ
ආනන්ද විදුහලේය. ඔහු ඉන්දියාවට ගොස් ඇත.
ඉන්දියාවේ
දී ඩේවිඩ් සීයා, බිහාර් ප්‍රාන්තයේ
“කමලා
සර්කස්” හි
කළමණාකරු වශයෙන් සේවය කරන ලදී. පසුව සර්කස් එකේ අයිතිකරුගේ දුවව විවාහ කර ගන්නා
ලදුව සර්කස් අයිති මාමණ්ඩිගේ අභාවයෙන් පසුව එහි අයිතිකරු විය. ඩේවිඩ් සීයාට භාෂා
18ක් කතා කළ
හැකි බවත්, දෙවරක්
ලංකාවට පැමිණි බවත්, ආච්චී හා පද්මා නැන්දා මා සමඟ (අතිශෝක්තියෙන්) පවසා ඇත.
ඔහු මිය
ගිය බව දන්වා හා, ඔහුගේ දේපල
ඉල්ලා ඔහූගේ දරුවන් ලිපියක් එවූ බව ආච්චී මා හට පැවසූවේ 1988 මාර්තු මස මා ලංකාවට පැමිණි
අවස්ථාවේදීය.
දොන්
ඩේවිඩ් සීයා ඉංදියාවට යාමෙන් අනතුරුව ඔහූ ගැන තොරතුරක් කලක් යනතුරු නොලැබුණ
හෙයින් ඉන්දියාවේදී ඔහූ මිය ගොස් ඇති බවට පවුලේ අය විශ්වාශ කරන ලදී.
බුත්පිටිය
ලේකම්ලාගේ දොන් ජේමිස් (මුත්තා, ආච්චිගේ පියා) හට බුත්පිටිය ලේකම්ලාගේ
දොන් සේතන් නමින් ග්‍රාම නිලධාරි (රාළහාමි) සහෝදරයෙක් සිටි අතර ඔහූගේ එක් පුතෙක්
වෘතියෙන් (DMO) දොස්තර
කෙනෙකි. සේතන් මූත්තා,
ඒ කාලයේ
උපදින ලද තම දරුවකුට නම තබන්නේ බුත්පිටිය
ලේකම්ලාගේ දොන් ඩේවිඩ් යන ඩේවිඩ් සීයාගේ නමිනි. පවුලේ අනෙක් අය ඉඩම් ගැන එතරම් උනන්දුවක්
නොවූ හෙයින්, පවුලේ එකම
පිරිමි දරුවා වූ ඩේවිඩ් සීයාට ලියා තිබූ පූගොඩ, හංවැල්ල, සමනබැද්ද හා කැලණී ගඟ අවට තිබූ මුත්තාට
(ආච්චිලාගේ පියාට) සමව අයිතිව තිබූ පරම්පරාගත බූදලයේ ඉඩම් කඩම් හා ඔහූ විසින්
මිලදී ගෙන තිබූ විශාල ප්‍රමානයක් වූ ඉඩම්, සේතන් රාළහාමි මුත්තා විසින් එම දරුවා
හට හිමි කර දී, පසුව තමන්
සතු කර ගන්නා ලදී. සේතන් මුත්තා එකල ගම්මුලෑදෑනී තනතුරක් හෙබවීය.
ඩේවිඩ්
සීයාගේ එක් පුතෙක් දොස්තර කෙනක් වන අතර දුවක් හා තව පුතෙක් සිටි බව අසා ඇත. දැනට
ඇති අවසාන තොරතුර වන්නේ,
ඔවුන්
විසින් වරෙක ගාමිණී බාප්පාට දුරකතනයෙන් ඇමතූ බවය
සේතන්
රාළහාමි මුත්තාගේ තවත් පුතෙක් වන පබිලිස් සීයා කහවත්තේ කරුණාරත්න ෂෙඩ් එකේ සේවය
කර ඇති අතර ඔහූ විසින් විජය බාප්පාට ඉංග්‍රිසි උගන්වා ඇත. තමල් නැන්දා කෙටි කලක්
සේතන් රාළහාමි මුත්තාගේ ගෙදර සිටිමින් පූගොඩ, සතොසට රැකියාවට ගොස් ඇත.
පවුලේ සය
වන දරුවා වන දෝන චන්ද්‍රලතා මැණිකේව (1913 – 1986.09.25) කසාද බන්දවා දුන්නේ සීයාගේ සොහොයුරු වන
වික්‍රමසිංහ ආරච්චිලාගේ දොන් ජේමිස් නොහොත් පුංචි සීයාට (1903 – 1982.08.04) ය.
උඩුපිල
සීයා විසින් පුංචි සීයාට කොස්ගස් හන්දියේ කඩයක් දමා දෙන ලද අතර එම කඩය බංකොලොත්
විය. තවත් කඩයක් දමා දුන්නද එයද පාඩු ලැබීය. පසුව සීයා නොමැති විට
සීයාගේ තොටලඟ තිබූ ව්‍යාපාර බලා ගැනීමත් කළ, ඔහූ කොළඹ ගාමිනී ලී මෝලේ ලියන
මහත්තයා වශයෙන් ද රැකියාව කරන ලදී.
පසුව
උඩුපිල පදිංචියට පැමිණි ඒ දෙපළ ට දාව හිමාලී ජයන්තා (1944), ඉන්ද්‍රා පද්මිනී (1947), ගාමිණී තිස්ස (1949.01.06), දයාතිස්ස (1950), උදය රංජනී (1952), සරෝජා අංජලී (1953) හා මංගලිකා ජයසීලී (1954) ලෙස දරුවන් හත් දෙනෙක් මෙලොව එලිය දකිනා
ලදී.
ගාමිණී බණ්ඩාර
(කෑගල්ල, හැලමඩ), විමලසූරිය
රත්නපාල (උඩුපිල), හරන්දූව
භාරගේ විමලාවතී (කොළඹ, ඉඟුරුකඩේ හන්දිය), ජයසිංහ මුදලිගේ ආරියවතී (බදුල්ල,දෝව), රත්නායක මුදියන්සේලාගේ තිලකරත්න (කටුගස්තොට,
අඹතැන්න), කුසුමරත්න
අභයගුණවර්ධන (රඹුක්කන) හා රංජිත් රාජපක්ශ (කළුතර, කටුකුරුන්ද) යන බාප්පලා හා
පුංචි අම්මලා සමඟ ඔවුන් විවාහ වන ලදී.
|
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.