උඩුපිල ගල Udupila Rock
---උඩුපිල ගල---
මා පෙනී සිටි සාමාන්‍ය
පෙළ විභාගයේ දී විද්‍යා ප්‍රශ්න පත්‍රයේ (1980) මෙවැනි ආකාරයේ ගැටළුවක් විය. සේදූ
ඇඳුමක් ඉක්මනින්ම වේලෙන්නේ අව්වේ වැලක වනා තිබෙන විටද, කළු ගලක් මත අව්වේ තැබූ
විටද? ඔබේ පිළිතුරට හේතු පැහැදිළි කරන්න. මම කිසිම පැකිලිමක් නො මැතිව එම ගැටළුවට
පිළිතුරු ලීවෙමි. ඒ, එය අත්දැක තිබීම හේතුවෙනි. ගලේ රෙදි වැනීම අප නිරතුරවම
අත්දුටුවේ උඩුපිල ගලෙනි. නාන ලිඳෙන් සෝදාගෙන එන ඇඳුම් වනන්නේ ගලේය. ගලේ බොහෝ තැන්
තැනිතලා ලක්ෂණ සහිතව පිහිටා ඇත.
සුදු හාමිනෙ අක්කා
එක්ක
අක්කපාන ලමයින් හට
ඉගැන්නුවා ගුටි ගහ ගහ
නෝනා අමරෙ අපි හැමදෙන
ගල උඩ ඉස්කොලේ ගියත්
අක්කපාන ගුරුවරියයි
පට බැදුනා නමක් ඇයට
ඉස්කොලේ ලොකු නෝනා
සුදු අක්කා උනා නිතර
මම තව ගුරුවරියක් විය
අමරෙ බනිස් කාරයා විය
ගල උඩ අතු පැතිර තිබුණු
කජු අතු උඩ වාඩි වෙලා
සෙල්ලම් ගෙදර වල් සේම
ඉස්කෝලද පැවැත් උනා
සෙල්ලම් ගෙය toilet
එක
සේරම ගල උඩ සිදු විය
ලංකාවක හැඩය ගත්තු
ගල්වල ජල සැපයුවේය
ගලෙන් එහා පැත්තෙ තිබුණු
කොහොල්ලෑ ලාවුළු ගහයට
වැටී තිබුණු ඉදිච්ච
ගෙඩි
සෝදන්නෙත් නැතිව ම
කෑවා
ඊට මෙහා පැත්තෙ තිබුණු
ගල් දෙබොක්කෙ ගොරකා
පැලේ
කොල දෙක තුන අපේ කටට
ගිය හැටි මට මතක තියේ
අම්මලාගෙ පරණ සාරි
ඇදගෙන ගල උඩට වෙලා
අශෝකමාලා සාලිය
රඟ දැක්වූ වා නිතරම
කිරිල්ල ගෙඩි උණ්ඩ දමා
බට ලී දඬු තුවක්කුවට
ඇඹුල් පේර දුන්නෙන්
විද යුද්ධ කලෙමු බෙදී දෙකට
අව්ව වැස්ස දෙක නොබලා
ගල පුරාම නැටුව පිනට
පතබෑවී ගල මත්තේ
තකදපුලා ගතිමු එමට
දළ බෑවුම ඉදිරියෙන් කුඩා පොල් ගස් දෙකක් විය. මම නොඋස් ගසට නැග කුරුම්බා කඩන අතර උපුල් අයියා ගෙඩි අල්ලන්නේ බිම වැටෙන විට එම ශභ්දය ආච්චීට ඇසේවි යන සැකයෙනි. උපුල අයියා පිහියක් හොරෙන් ගෙන එන අතර, අපි දළ බෑවුමෙන් ගලට නැග කුරුම්බා බී, ඒවා පළා ලොඳ කෑවෙමු. පිහිය අක්කපාන ගාලක සඟවා එන්නේ මීලඟ දිනයේදීත් කුරුම්බා කෑමටය. ඓතිහාසික වටිනාකමක් ද ඇති මෙම ගලේ කෙටු අකුරු ද- රූප ද ඇති බව ලියා එවා පිටපත් කළ අකාරයක් දක්වා නිර්මාණය කළ බොරු විස්තරයක් මා කළ පත්තරේක අත්රේකයක් ලෙස සකසා අමර බාප්පාට ද බලන්නට දුන්නා මතකය.
පහත ඡායාරූප නිශාන්ත වික්‍රමසිංහ විසිනි 2021 ජනවාරි ලබා ගත් ඒවා ය.
මහ ගෙදරට පිටුපා සිටින විට - දකුණෙන් හා වමෙන් තිබූ ගල උඩට නැගීමට තිබූ පාරවල් තිබූ තැන්. (Panorama photograph) |
දෝංකාරය වන තැන හෙවත් නිධානය ඇතයි කියන තැන (මහ ගෙදර මගේ දකුණු පසින්) |
මහ ගෙදරට
පිටුපා, ගලට මුහුණ පා
සිටින ව්ට වම් පැත්තෙන් තිබූ ගලේ පොකුණ. දැන් එතන තියෙන්නේ සය්ප්‍රස් ගහක්. |
උඩුපිල ගල උඩ ඇති අක්කපාන මල් |
මහ ගෙදරට පිටුපා සිටින විට - දකුණු පැත්තෙන් තිබූ ගල උඩට නැගීමට තිබූ තැන. දැන් එතන තියෙන්නේ කොස් ගහක් |
9:43 PM, 1/26/2021] තුල්සි
අයියා:
Nature has
won.
Harmony has
lost.
උඩුපිල ගල උඩ පුරාම පාහේ කජු ගසක් පැතිරී ඇත. වටාපිටාවෙත්
ගස් පඳුරු වැවී ඇති අතර තෙත් කලාපයේ කුඩා වන ලැහැබකට සමානය.
විශාල නයෙක් හා සුදු
පැහැති නයෙක් එහි දැනට නිතරම සැරිසරන
හෙයින් හා ගොම්මන් වෙලාවේ (හවස 5:30ට පමණ) තවත් සතුන් සර්පයන් එලියට බහින හෙයින්
වැඩියෙන් ඇවීදීම නොකළෙමි.
හරිම ලස්සනයිනේ. සින්හරාජෙ ගියා වගෙ natural
beauty.
Diversity
of Fauna on and surrounding the rock is much higher than Sinharaja forest.
[11:58 PM, 1/26/2021] නිශාන්ත
අයියා:
Yes indeed,
nature has won. Atmosphere of the place similar to a tropical
rainforest.
Carried a
wooden staff and tapped the earth, tree trunks, and bushes to warn-off the
resident reptiles before being taken steps as a precaution.
Two king Cobras
were residing there and spotted (another) young Cobra quite a recently, by
Asitha, Palika and elder son.
[4:31 AM, 1/27/2021] උක්කුං නැන්දා: කිත්සිරි
උඩුපිල ගල.
අනේ! අපි පොඩ් කාලේ
සෙල්ලම් කළ ගලට වෙලා තියෙන දේ දැක්කම දුක හිතුනා. ඒ කාලෙ හිටියෙ අහර කුක්කා,
හාල්දන්ඩා, ගැරඬ් ව්තරයි.
අපි පොඩි කාලෙත් ගල උඩ
සෙල්ලම් කළා. රෙදි වනන්නේ ගල උඩ. ගල් ඉබ්බෝ හරියට හිටියා.
ගල්වලේ ඉස්ගෙඩි පිරිලා
හිටියා. දෙවනියා (නදී) කී පරිදි අක්කපාන ගොඩක් තිබුණා. ඉස්සර මම නිවාඩු දවස්වලට ගල
උඩට ගිහින් පාඩම් කරනවා. හරිම නිස්කලංක පරිසරයක් ඒ කාලේ.
මට මතක ගල් වල. ඒකේ
ඉසගෙඩි ඇල්ලුවා.
[9:01 AM, 1/27/2021] උක්කුං නැන්දා: කිත්සිරි
අපි එතනදි තමයි
ගෙම්බන්ගෙ මුලු ජීවන චක්කරේම දැන ගත්තෙ.
අනේ අපේ ගල දැක්කම හරි
අසා හිතුනා. පුතේ ඔයාට පිං මේ පින්තුර වලට. මට පුදුම ආසාවක් තියෙන්නේ ගල උඩට යන්න.
ඔය පරණ කජු වෙන්න බැ. නමුත් ඉස්සර කජු ගහත් ඔය වගේම අතු විහිදිලා තිබුණා. ඒ වයේ උඩ
තමයි අපේ සෙල්ලම් ඉස්කෝලේ. ඉස්සර ඔය වගේ කැතට තිබුනේ නෑ. හරි දුකයි දැක්කම. ඔයාට
ස්තුතියි මේවා දැම්මට.
2021.04.22 දින ලබා ගත් ඡායාරූප
මහගෙදර සිට බලන විට ගල පෙනන ආකාරය (ගස්වලින් වැසී ඇත) |
ගලේ අක්කපාන |
කිත්සිරි ගෙන් උඩුපිල
ගලට ඇමතුමක් ....
(2021.04.24)
රබර් යායක් මැද,
උස්වී නැගී සිටිමින්
නිසලව නිදා සිටි,
ඔබෙන් අප ලද මෙහෙය
අමපණය
කිසිවෙක් උඩුපිලට ,
ආවොත් සෑම විටකම
ඔබෙ සිරි නැරඹූ හැටි,
ඔබගෙත් මතකයේ ඇති
ශතවරුෂ ගණනක, තොරතුරු ඔබ දැකල ඇති
කථා කළ හැකි නම්,
ඒවා ඔබ කියනු ඇති
ඔබ තුරුලෙ ඇති පොඩි,
පොකුණේ එදා සිටියේ
ගෙම්බන් පමණකි,
ඔබටත් මතක ඇතිනේ
අද ඔබ වසාගෙන ,
මහ කැලය පැතිරී ඇත
පින්තූර දුටු විට,
මගෙ සිත සසලවී ඇත
විෂ ඝෝර සපුනුන්,
ඔබ පිරිවරා ඇතිබව
දැනගත් විට මගේ,
සිත තව තවත් බියවිය
ගල්බෝර ඇදලා, ගල්වෙඩි දැම්ම කාලේ
දෙසවන් වසා ගෙන,
හැංගුන අපව දැක්කද
ඒවා සිදුවුණේ, තාත්තා සිටි කාලේ
උමගිලිය ලොරියෙන්,
ගල් ගෙන ගියා මතකද
තැන තැන විසිරී ඇති,ගල් ගෙඩිදකින විටදී
පැරණි අප මහ ගෙට,
ඔබගේ දායකත්වය
ලැබීඇති බව නම්,
මට නම් සිතෙනවාමයි
වරක් ඔබ රුදු විය,
ඔබ මතු මත්තේ සිට
පහළට බසින විටදී,
හාමිනේ නංගීට
හිරිහැර කළේ, ඇයි ඔබ
ඇටය පෑදෙන ලෙස,
සිදුවූ තුවාලය දුටු
බියව කෑ ගසමින්,
මා ඇය රැගෙන ගිය හැටි
දුටු විට මොකද හිතුනේ
නැවතත් ඔබ මත, නැගලා අවට බැලුමට
වෙනදාටත් වඩා, ආසාවක්ද ඇතිවේ
දෙයක් නැති වූ විට ,
එහි අගය වැඩිවේමය
ඒ පඬි වදන මට, මෙතනදි පසක්වේමය
තහනම් ඉසව්වක්,
එනිසා ඉටු නොවේමය
ඈත සිට බලනට, රුව ඔබේ මතු වේවා......
!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.