දෙවන පරපුරේ මතක

 කිත්සිරිවතීගේ මතක කවියෙන්

       https://youtu.be/p9R07-OQ9Do


චන්ද්‍රා ශ්‍රීමතීගේ කවි 1965.10.17 දින එනම්, පියාගේ අභාවයට තුන් අවුරුද්දක් ගත වන දින දී ලියා ඇත.





සෝමසිරි බාප්පා සහ ලිනට් පුංචි අම්මා


Thulsi Aiya 2021 Jan

Homecoming of Amma & Thatha & when she was 24. Sixty year old photos. She left us on Jan 8, 2017

[1/8, 5:29 AM] Nadeekantha Deepaka: Nice to see this photo. Thank You, Aiya.

                        Look at this and compare with these days dresses and make-ups. This is the natural beauty.

                           And look like the actress- Rukmani Devi.

[1/8, 6:21 AM] තුල්සි අයියා: Place: The temple near Pokuna Handiya

                         Occasion: My father took me there not too long ago.

                          I saw an old photo hanging on the wall of the temple.

                          I see a guy who looks just like me in the photo.

                          I was staring at it for a few mins. It finally occured to me that it was my father in the photo

[1/8, 7:26 AM] විජය බාප්පා: Even though I was small at that time as far as I can remember Linet Akka was in a yellow saree. I think this Photo was taken long befor marrage . This pohoto most probably shown to us by Soma Aiya before wedding . I am sure Bannti Akka can comment on this

[1/8, 7:35 AM] තුල්සි අයියා: You may be right as you witnessed. Mine depends only on a casual conversation with my mother.                        The photo takes more value if                          it comes before their homecoming.

                          By looking at Thatha's casual attire, I too now think that you are right.

[1/8, 8:28 AM] රේණුකා-දුව: Home coming saree Eka horu Aran giya

[1/8, 8:40 AM] විජය බාප්පා: හොරා පසුව කසාද බදන්ඩ අති

                          Appearance much similar ganga's face

                          ලොකු නිල්මිණි: Homecoming date eka horizon Aran giyaata duk wanna epa ඊට වඩා වටින ලිනෙට් නැන්ද්‍ය් මාමාව හොරු අරන්ගියා වගේ තමෛ ඒකා තමෛ දුක්                     වෙන්න ඕනාම කාරණිාව.

[1/8, 3:20 PM] චන්ද්‍ර නැන්දා:මේකාලෙ මට හොඳට මතකයි. ඔය රතු සාරිය හරිම  ලස්සනයි . එදා  අපි එයා දිහාම බලා ගෙනම හිටියා.මතක් වෙන්‍කොට හ්රි ඩුකඉ.

[1/8, 10:29 PM] තුල්සි අයියා: Yes, I too feel very sad when I think of Amma and Thatha.

                         Yet, I feel ok when I realize that both of them did not suffer much.

                         We sent them off with sadness mingled with pride.

                         I was nowhere.

                         Appreciations to Nangi for taking the courage in my absence.

[1/8, 10:39 PM] තුල්සි අයියා: Much better option  to the alternative of long life suffering in bed.

[1/8, 10:42 PM] ලොකු නිල්මිණි අක්කා: Yes it’s true






[1:10 PM, 1/15/2021] Udu Chandra Nanda: 

ශ්‍රීමතී වික්‍රමසිංහ (චන්ද්‍ර නැන්දා) ලියන ලදී

 

ලියන මහත්තයලැ ගෙදර

හැදින්වීය ගමේ ඈයෝ

චුට්ටම් පොඩි බාප්පලා

මහගෙදරයි කියා කිව්වේ

 

අපේ අම්ම කොලඹ අක්කා

පුංචි අම්ම මැනිකේ විය

මහම්මාත් එක් උනාම

විසිහතරක් ගෙදර උන්න

 

එක බත් හැලියේ කාගෙන

එකට හිටපු ඒ කලේ

අද සිහියට නැගෙන විටදි

සුරංගනා ලොවයි සිතේ

 

උඩුපිල මහ වත්ත වටේ

බඩවැටියක් ගානෙ ගොසින්

කිරිල්ල ගෙඩි පලුකං සහ

චීන ගෙඩිත් කාපු කාලේ

 

අම්මලට හොරෙන් හොරෙන්

කටු අන්නසි ඉදුනු එවා

ලේ බඩයනවා කීවත්

අහන්නැතිව හොරෙන් කාපු

 

වෙරලු කැලේ ආච්චිලගෙ

කනත්තෙ දං කැලේ ඇතුලෙ

ලොකු අයියා සමඟ ගිහින්

දෙල් ඇට අහුලාපු කාලෙ

 

නාන ලිඳට යනවා කියලා

වේල්ලටත් පැනලා නාපු

මහහේනෙ රීරි යකා

හිටියත් බය නැතිව ගියපු

 

කම්බි වැටට හූරාගෙන

මහ හේනෙ කරක් ගහලා

එන්නත් පෙර ලිඳ ගාවට

කෝටු පාර ලැබුනා තදට

 

මේ හැම දඟයක්ම කලේ

සුදු හාමිනෙ අක්ක එක්ක

පොඩ්ඩි යමන් නාන ලිඳට

කියා එයයි එක්ක ගියේ

 

ගල උඩ ඉස්කොලෙ දමා

සුදු හාමිනෙ අක්කා එක්ක

අක්කපාන ලමයින් හට

ඉගැන්නුවා ගුටි ගහ ගහ

 

නෝනා අමරෙ අපි හැමදෙන

ගල උඩ ඉස්කොලේ ගියත්

අක්කපාන ගුරුවරියයි

පට බැදුනා නමක් ඇයට

 

ඉස්කොලේ ලොකු නෝනා

සුදු අක්කා උනා නිතර

මම තව ගුරුවරියක් විය

අමරෙ බනිස් කාරයා විය

 

ගල උඩ අතු පැතිර තිබුණු

කජු අතු උඩ වාඩි වෙලා

සෙල්ලම් ගෙදරවල් සේම

ඉස්කෝලද පැවැත් උනා

 

සෙල්ලම් ගෙය toilet එක

සේරම ගල උඩ සිදු විය

ලංකාවක හැඩය ගත්තු

ගල්වල ජල සැපයුවේය

 

ගලෙන් එහා පැත්තෙ තිබුණු

කොහොල්ලෑ ලාවුළු ගහයට

වැටී තිබුණු ඉදිච්ච ගෙඩි

සෝදන්නෙත් නැතිව ම කෑවා

 

ඊට මෙහා පැත්තෙ තිබුණු

ගල් දෙබොක්කෙ ගොරකා පැලේ

කොල දෙක තුන අපේ කටට

ගිය හැටි මට මතක තියේ

 

අම්මලාගෙ පරණ සාරි

ඇදගෙන ගල උඩට වෙලා

අශෝකමාලා  සාලිය

රඟ දැක්වූ වා නිතරම

 

උකුලෙ ගහන් විජේ මල්ලි

වත්ත පුරා කරක් ගහපු

ගේ පිටුපස ටැංකිය තුල

බස් එකකුත් දමා ගත්තු

 

උදේ සරෝ මංගලිකා

චූටි නන්ගි සුදු අක්කා

විජේ නෝනා අමර මල්ලි

තරඟෙට බස් එක පැද්දා

 

මල්ලිගේ අත හැපූ නිසා

මමත් හැපුවා සරෝජාව

පුංචි අම්ම තරහ ගිහින්

ඇන්නා ටොක්ක බොහොම තදින්

 

තිත්ත වෙරලු ගසේ ගෙඩිත්

නස් නාරං ගැටත් පිටින්

ඒ මදිවට ගොරකා මදත්

නෝනගේ මගෙ රසති බොජුන්

 

හරක් මඩුවෙ පිදුරු ගොඩේ

වැලි ආත්තා හන්ගාගෙන

ඉදුනු විටදි අපි දෙන්නා

මොන තරමක් කලා ඇද්ද

 

දුමේ ඉදෙන වලු අඹ ගෙඩි

පිටිපස්සෙන් හිල් කරගෙන

උරා බීපු ඒ සන්දිය

මොන තරමක් සුන්දරයිද

 

පොල් අත්තෙන් වට කරලා

වේදිකාවකුත් හදලා

බන්දු අයියා අපිත් සමඟ

නාටක වල රග පෑවා

 

පෙට්ට්‍රල් මැක්ස් ලාම්පුවට

ඇලඩින්ගේ ලාම්පුවට

පින් සිදු වෙන්නට එවට

ආලෝකය ලබා දුන්නා

 

බන්ටි අක්කා හිටිය කාලෙ

පාසල් ගොස් අපි එන විට

නම් ගහලා කෑම පිඟන්

හාල් පෙට්ටියෙ තියනවා

 

කොස් ඇට කන්නට මල්ලි

හාල් පෙට්ටියට පැනලා

තාත්තාට අහු උනාම

අපට මෙවා පුරුදු කියලා

 

එදා පටන් මල්ලි හට

කොස් ඇට යයි නමක් වැටුනා

එ වගේම තවත් නමක්

අපට පුරුදුයි කියා වැටුනා

 

අමර දෙමර බිජු දාපිය

පැටියා නොමරා ඇති කරපිය

අමරෙගෙ nick name එකට

එයාට හරි තරහ යනවා

 

නෝනට අල හොදි චව්චර්

මට කිව්වේ කිබුල් හාමි

බන්දු අයියා ......ගැටයා

ලස්සන අපෙ ලමා වියේ

 

 හොර ගස් යට ගල් තලාවෙ                                    

වාඩි වෙලා සවස් යාමෙ     

තාත්තා එන විට පෙර මඟ                                        

දුවන්න අපි බලා හිටියා

                                                                                      

මාලු මස් ද ලෑතර සහ

කීව නොකී බොහො දේවල්

තාත්තාගෙ ගමන් මල්ලෙ

පිරී තිබුනු හැටි මතකයි

 

තාත්තාගෙ පන් මල්ලෙන්

පන කකුලුවො පනින විටදි

විනෝදයක් වුනා අපිට

අද නම් දුක දැනේ එයට

 

උක් අක්කා කොලඹ ගියොත්

රටකජු සහ කඩල ශුවර්

ඒකාලෙ අපිට ඒවා

අති විශේෂ කැම තමයි

 

කජු කාලෙට හුලු අතු බැද

අනික් අයට හොරෙන් හොරෙන්

පාන්දරම කජු ගස් යට

තරඟෙට කජු අහුලූ හැටි

 

කජු සීයක් වික්කහාම

රුපියල් දෙක බැගින් ලැබුනි

උක්කුං අක්කාට තමයි

අලෙවි කලේ ඒ සේරම

 

පොල් කඩන්න එමා නෝනා

මුල්ලෙරියා පුන්චි අම්මා

ආපු විටදි බොරු කියලා

කුරුම්බා ගෙඩි කඩව ගත්තා

 

ලොම්බන් කජු ගහ යට ඉද

කුරුම්බාව පලා දෙකට

සුදු අක්කා හොරෙන් ගෙනෙන

කිතුල් හකුරු සමග කෑවා

 

මහම්මාගෙ නව ගුණ වැල

කැඩුවයි මල්ලිට බනිනවා

කනට වතුර දැම්මා යයි

බැන්නා මට නිමක් නැතිව

 

කෝ මගෙ යට සාය කොහෙද

සපත්තු දෙක කුඩේ කොහෙද

සාරි ඇන්දලා බලලා බලලා

හාමි අක්කා වැඩට යනවා

මගට ගිහින් යලිත් එනවා

 

අවුරුද්දට ඌරු මසුයි

කජු මාලුයි අච්චාරුයි

ආච්චිලෑ ගෙදර කෑම

තෙලිජ්ජ් සහ රා සමඟින්

 

සේරමල්ලා එකතු වෙලා

පන්ච ගහයි කාඩ් ගහයි

ගල් පොලනවා කීප දෙනෙක්

කජු වල හත ගහයි ලමයි

 

අපේ ළමයි හරි ආසයි

ගල කියනා තැන බලන්න

පුලුවන්නම් යොදා ගනිමු

ගල උඩ trip එකක් යන්න

 

මේ පවුලේ ඉපදුනු එක

මහා පිනක් පෙර මා කළ

නැවත සසර ඉපදුනහොත්

ඉපදේවා මේ පවුලෙම

 

 

අමරසිරි වික්‍රමසිංහ (අමර බාප්පා) ලියන ලදී

 

අත පත් කෝටුවෙන් අක්කාපාන තලා

ගලඋඩ පාසැලේ වග එලිපෙහෙලි කලා

චන්ද්‍රක්කා ගෙ ඒ කවිපෙල හොඳට බලා

හැත්තෑ වසක මගෙ මතකය අවදි කලා

 

හුළු අතු සදා දොර මුල්ලේ තබා ගෙන

කාටත් හොරෙන් එලියට පැන උදාසන

කජු ගස් යටට ගොස් කජු මද සොයා ගෙන

විකුණු අයුරු  එනවා මතකයට පැන

 

කජු ගෙඩි සියයකට සත ගනනකි ලැබුනේ

එනමුත් එදා ලොකු ගනනකි ඇත ගැසුනේ

වැඩියෙන් කජු ගත්තෙ උක්කුන් අක්කානේ

එනිසයි පොලට යන්නට ඕනෑ නූනේ

 

දෙල් ගස් තුනේ ගෙඩි පැහිලා තිබෙන විට

කැඩුවා බන්දු අයියා කෙකි බැඳ දිගට

මිරිස් දමා තම්බා ගත් හැලියකට

වැඩ දුන් අයුරු මතකෙට නැගෙනවා මට

 

සිමෙන්ති ටැංකියකි ගෙයි පිටුපස පැත්තේ

පොඩි අපි කාර් එකකට එය අර ගත්තේ

යන්නට ගියේ ඒකෙනි නෑදෑ පැත්තේ

මතකය තුලට එනවිට දනවා චිත්තේ

 

පරංගි දෙල් ගෙනාවේ අපගේ රටට

සිහලුන් මරන්නයි යනුවෙන් අපට

කියමින් තාත්තා බැන්නා හොඳට

මතකයි වීසි කළ හැටි දෙල්ගෙඩි දොරට

 

සොයුරන් බන්දු සෝමේ ගුණ යන තිදෙනා

ගසමින් ජිල් බෝල අඬදබරෙයි යෙදුනා

ඇහැරැණු තාත්තා නිදි යහනේ සිටිනා

බැන එන විටදි දුවගෙන ගිය හැටි මැවුනා

 

අම්මා බත් පිඟන් සැමටම බෙදාලා

ලී පෙට්ටියෙ තබා පියනෙන් වසාලා

මල්ලී දිනක බැස කොස් ඇට සොයාලා

පුරැදුයි අපට ලෙස මල්ලී කියාලා

 

වත්තේ ලොකු ගොරක ගහකුත් තිබුනා

මදකන්නට බැරිය පනුවන් එහි පිරුනා

ඒ ලඟ වෙරළු ගස මගෙ මතකෙට නැගුනා

කන්නට බැහැ ඒකෙ ගෙඩි තිත්තට තිබුනා

 

ආච්චිලගෙ ගෙදර තිබු අවුරැදු කෑම

අමතක නොවේ කජු මාළුව දුටුවාම

තොලගා හැකිය රා ඩිංගක් හැමදාම

අවසන සිංදු රැඟුනුත් තිබුනා බෝම

 

-----------------------------

 

ලියන කවි  පෙරහැර

අමතකව ගිය   සමහර

කරැනඅ පෙර  සිහිකර

දීම යහපත් දෙයකි මනහර

 

පෙර දවස උක්කුන්

අක්කා අපට  ගෙනදුන්

කඩල ගැන දැන් දැන්

මතක් වෙනවා රසය ගෙන දුන්

 

        ---අමර----


[2:34 PM, 1/17/2021] අමර බාප්පා

ඒ දවස් වල මගේ කවි පංති වනිතා විත්ති සහ තරැනි පත්තරේ පලවුනා ඒකවි මට මතකයි

පොඩි කාලයේ සිට

පුරැදු වන මුත් උයනට

ඉදිලාද බැලුමට

නැතිව බැරිවා නේද හැඳිමිට

 

රහල් හිමි එම දින 

කව් සේකරය ලියමින

කිවු දේ බලනු මැන

ගැහැණු කවුරැද වරදෙ නොබැඳෙන

 

1960 මුල් කාලයේ සිංහලේ කියල පත්‍රයක්තිබුනා එහිත් මගෙ වසුපැටියා කියල මා කවි පෙලක් ලීවා එක කවියක් මතකයි

මගෙ වහු පැටිය

උගෙනම පැටියා

පැටිය කියල අඬ ගැහුවම ලඟමෙ එනවා

මේ වහු පැටියා ලොකු උනහම

ලොරියෙ මාටින්ට වික්කා

ඌ එදා රෑම කඹේ කඩා ගෙන

අපේ ගෙදර ආවෙ


[2:46 PM, 1/17/2021] අමර බාප්පා

  මගේ හඳහනේ මගෙ නම තාත්තා ලියල තිබුනෙ අමරසිරි අප්පුහාමි කියල චන්ද්‍රක්ක මට අප්පුහාමි කිවුවහම ඇයි අප්පුහාමි කියන්නෙ හාඳ නමක් කියල තාත්තා කිව්වා මොකද තාත්තගේ  නමටත් ඒ කෑල්ල තිබුනා. ඕක කිවුවහම මම ලාහුගල ඉන්න කාලෙ සිදුවීමක් මතක් වුනා. එදා උප දිසාපති බන්දු කියන මගේ යාළුවයි, මමයි බක්මිටියාව කියන ගමේ යන විට බන්දු කිව්වා මට දොන් තියනවා ඒ කියන්නෙ මේ අය පරංගින්ට පන්දම් අල්ලලා කියා. බන්දුගේ මුල්නම මොහොට්ටි. මම කිවිවා මුං තමයි රජ්ජුරුවන්ව ඉංග්‍රීසින්ට අල්ලල දුන්නෙ කියල. ටික වේලාවක් මේ වාදෙ යන විට AGA හිනාවෙවී කිව්වා විකී මගේ නමටත් දොන් කියන කෑල්ල තියෙනව කියා. දැන් අපි වයසට ගිහින් ඒ උනාට අපට අතීතේ හුඟක් දේවල් මතක  තියනවා.  ඒක කොච්චර වාසනාවක්ද?


2:13 PM, 1/17/2021] විජය බාප්පා

අමරයියා ඉස්සර පත්තර වල කවි සංවාද වලටත් කවි යවනවා.  ඒ කවියක පද තාමත් මතකයි. 

සීගිරි ලඳුන් ගේ

ගැ සායමද යන්නේ

සුසිතට කියන්නේ 

ඔහේටත් ඒටිකයි වන්නේ


[2:34 PM, 1/17/2021] අමර බාප්පා

ඕක ගැහැනු පිරිමි වාදයකට ලියපු කවියක්. ඒ දවස් වල සීගිරි චිත්‍රවල තීන්න ගෑවේ පිරිමි කියල සුසිත කියල කෙල්ලෙක් කවියක් ලියල තිබුන. ඒ දවස්වල ලුසියානෝ මරන්සි යන ඉතාලි වියතා ඇවිත් සායම ඉවත් කරමින් හිටියේ



10:52 PM, 1/21/2021]  අමර බාප්පා

 නවසිය හැට දෙකේ  වසර

කතරගමට ගිය   සිරිසර

ගමනේ රසවත්   විස්තර

පවසමි දැන්   කවිකර

 

යාහැකි දොලහකට   පමන

වෑනය වොක්ස්වාගන්   වන

පොල් මලකින්   සරසාගෙන

ලොකු කදමලු   පටවාගෙන

 

මුට්ටි වලං වහලය   උඩ

ඒ මත්තේ දරමිටි  ගොඩ

සහල් තුනපහත් ගොඩ   ගොඩ

වාහනයේ මදිවිය   ඉඩ

 

අමිමා සහ  තාත්තාත්

වයසක අපෙ මහම්මාත්

බාල මහලු සියලු දෙනත්

ගුනයිය සහ එම අක්කත්

 

උක්කුන් හාමිනෙ අක්කත්

නෝන සමග චන්ද්‍රක්කත්

බන්දු අයිය සහ මල්ලිත්

එකතු උනා එයට මමත්

 

සාදුකාර හඬක්  දෙමින

පිටත් වුනා පහට  පමන

කඩුවෙල පාලමක්  නොවින

පාරැව පිට ගියේ  එදින

 

බුද්දන් සරනේ සරනයි

ධම්මන් සරනේ සරනයි

සංඝන් සරනේ සරනයි

මහම්මාගෙ හඬ මොරදෙයි

 

ගමනෙදි කට පරෙස්සමින්

දෙයියො කෝප වෙනව එයින්

මහම්මාගෙ ගැඹුරු හඬින්

කිව්ව නිසා උන්නෙ බයින්

 

අතර මගදි බැස ගත්තා

උදේ අහර අර ගත්තා

ඉඳි ආප්ප ගොඩ ගත්තා

පාර අයිනෙ ඉඳ  ගත්තා

 

කතරගමට යා ගත්තා

මැනික් ගඟෙන් නා ගත්තා

කිරි වෙහෙරත් වැඳ ගත්තා

වන්දනාවෙ රස ගත්තා

 

යන විට කදිර පුර

ජනගහනයෙන් හෙම තොර

මහ රුක් ගොඩ අතර

සකස් කලෙ අපෙ දිවා අහර

 

ලිප් ගල්  සොයාලා

නිදහස් තැනක් බලලා

ලිප ගිණි  මොලවලා

කෑම සකසා ගත්තෙ  එකලා

 

රුක් අතර ඉඳ  ගෙන

සිසිල් සුවයක් විඳිමින

ගත් අහර කිස  ගැන

සතුට ලැබ ගත හැකිය අද දින

 

දෙපස ගණදුර ඇති

වට පිට ගේ දොරක්  නැති

වනය දෙපසම  නිති

මගක් පසු කරමින් ගමන්  ගති

 

රුක් පෙල අතර තුර

දිවුල් ගස් විය පලබර

කැඩීමට පලතුර

යන්න බිය විය ඇතැයි අලි  සැර

 

දහවල් දෙකට  මෙන්

යාල පිවිසුම ආවෙන්

වැඩිහිටියන් ඉතින්

ගොසින් බර පැන ගෙවා ආවෙන්

 

පැමිණි නිල  ඇත්තා

වෑනය තුලට  ගත්තා

රකිමින් මුනිවතා

කැලය ඇතුලෙන් ගමන්  ගත්තා

 

ටික දුරක් යන  විට

වෑනයෙ ටයර්  එකකට

සිදුවූ ගැහැට කට

හුලං ගිය බව දැනුනි සැම හට

 

වාහනය  නතරය

කළ යුතු පිලියමක්  විය

හනික බැස ලොකු  අය

සවිකලා අතිරේක  ටයරය

 

ගමන නැවතත්  විය

එනමුදු කලේ සිත් බිය

නැත වැඩි දුරක් ගිය

හුලං බැස ලෙඩ වීය ටයරය

 

කළ යුතු දෙයක් නැත

කලුවර වටේටම ඇත

ගමන හෙමි හිට වෙත

සියලු දෙන බියට පත්වී  ඇත

 

දඩ දඩ යන හඩින්

එන ශබ්දයක් ඇසුනෙන්

එක් අයෙක් බසිමින්

බැලූවිට ටියුබ් එක එලියෙන්

 

ටියුබය වැදීමෙන්

ශබ්දය එන නිසාවෙන්

පිහියක් ගෙන සැනින්

කපා දැමුවා ඒක එතනින්

  

එන විට අප සෙමින්

කලුවර වෙලා දසතින්

දෙවියො සිහි කරමින්

පඬුරු බැන්දා පිහිට යදිමින්

 

යම්තම් කලුවරේ

ආව දැන් මහ පාරේ

කඩයක් ය නුදුරේ

අපට එය පුදසුනකි කතරේ

 

විශ්‍රාම ගිය එක්

හමුදාවෙ සිටි බටයෙක්

සහ තරැණ බිරිඳක්

මේක ඒ අය කරපූ කඩයක්

 

පොල් අතු සෙවිලි කල

ලී කනු වලින් බිහිකල

බිත්තියක් නැතිකල

වුවත් රෑ ගත කලේ ඒ තුළ

 

ටයරය සැදීමට

අසලක තැනක් නැති කොට

තිස්ස පුර යන්නට

මගක් සෙව්වා සැවොම හනිකට

 

යාලට පැමින  උන්

වෙනත් නඩයක පිහිටෙන්

ටයරයත් ගෙන ඉන්

යන්ට ගියෙ රියැදුරා එතනින්

 

පැච් එක දැමීමට

රියැදුරු තිස්ස යනවිට

ඔහුගේ උදව්වට

බන්දු අයියා ගියා තනියට

 

ගත විය කනිසමක්

අලි හඬ ඇසේ තරමක්

නැත නින්දක වගක්

සිටියෙ පසුදින පහන් වන  තෙක්

 

වැඩි හිටියන් අඩුය

සිටියේ පුංචි අයමය

බිය සැකත් වැඩිවිය

ලැබු එදිනයි මෙමට මරැබිය

 

බිය පත්ව අපමණ

සිටිනා විටදි තැන තැන

පෙර යුවල එම දින

දුරු කලා බිය සැකය වදනින

 

මැදියම ලැබූවිට

බන්දු අයියා ආ විට

බිය දුරුව අපහට

සැනසුමක් ගෙන දුන්න සැමහට

 

[4:00 AM, 1/22/2021] චන්ද්‍ර නැන්දා (ශ්‍රීමතී)

අමරේගේ යාල ගමනට.

වෑ නය කැඩුණු විට

බිම බට මහම්ම හට

රණවරා කැඩුමට

ඕනවිය බිය නැතුව කැළයට

 

මහා වනය තුළදීම

උපුල් ලෙඩවිය නොදැනිම

පඬුරක් බඳින්නට

අම්මලා කීවා ගුණක්කට

 

ලෙඩට පඬුරක් නොව

බෙහෙත් දිය යුතු වන  බව

කියා මොහොතකි තව

වලිප්පුව හැදුනා උපුල් හට

 

නොඅසා මහම්මගේ අන

නොතකා කඳසුරිඳු ගැන

සිටි ඇය පඬුරු බැඳි

විගස අසනිපය ද සුව වින

 

යාලදී උදව්වට

සිටි උත්තම පවුල හට

මිනිස් ලොව දෙවිවරු

කියා ලීවෙමි පුවත් පතකට

 

[4:17 AM, 1/22/2021] අමර බාප්පා

ගිය යාල  ගමනේ

තොරතුරු තවත් ඇතිනේ

මට මතක ටිකනේ

සැමට ඇරයුම් කරමි මෙකිනේ



2021.01.25 උක්කුං නැන්දා (කිත්සිරිවතී)

# කිත්සිරි #

# අතීතයෙන් තවත් බිඳක් #

 

වරුසය පනස්තුන ලෙස මට මතක   ඇත

ලොකු අම්මා ආව නේවාසිකය        වෙත

කීවා තාත්තා හොඳටම ලෙඩව         ඇත

අක්කයි මායි ගෙන ආවා ගෙදර      වෙත

 

මා පිය ඇඳක් මත වැතිරී            සිටියේය

ගොත ගස ගසා මොනවාදෝ     කිව්වේය

ජයගත් පසල් එක ගැන හෙම   කිව්වේය

රුපියල් ති හයක් ඔහුටත්       ලැබුණේය

 

එකොළහකගේ බර තනියම හිතින්             දරා

තෙමසක් ඇඳේ සිටි ම පියා කෙළින්          කරා

නොකඩව යක්කලින් හොඳහැටි බෙහෙත් කරා

අම්මා අපේ යනු නියතයි නිවන                 කරා

 

දස වසරක්ම ඔහු හොඳ සිහියෙන්          සිටියා

නංගිට තමල් හඳහන් ගැන දුන්න            කියා

කාජර පුතත් අනුරා පුරයටත්                  ගියා

හැටපහ වසරෙ ඔහු මෙලොවත් හැරල    ගියා

 

ඉස්සර බීලා ඇවිදින් බණ හෙම         කිව්වා

සොහොනේ ගස් උඩට නැගලා හූ      කිව්වා

නොබැඳපු ලිඳ උඩින් නිදියහනක්    සෙව්වා

සුව වූ දා පටන් තුන් පි‍රිතුත්              කිව්වා

 

රෙදි කැලි පුළුස්සා හඳහන් කළු      මැද්දා

සෙත් කවි කියා ලෙඩකදි දෙවියන්  යැද්දා

රක්තය හැදී අත් පා ද්ව්ක           වණ වූදා

අඹරා එළඟිතෙල් තල මුසු කොට බැන්දා

 

හැටපහ වසරේ දිනයකි දින මතත     නැත

සෝමයියා ආව ගුරු විද්‍යාලෙ           වෙත

අසනීපයෙන් බව කීවා මතක            ඇත

හැංගුව මෙමට ම පියා මිය ගිය         පුවත

 

කවුරුන් ලෙඩ වුවත් ඈහොඳ   හෙදියක්‍ ය

සමහර විටදි දැනුමැති වෙද      ඇදුරෙක් ය

අත්වල මගේ හැමදා තිබු             දදයක් ය

ගෙන දුන් සිහල බේතක් එය      සුවපත්‍ ය

 

පත්වීමක් ලැබුණු හැමදා              පාසල ට

මුල්දින ගියේ අම්මා සමගයි        එය     ට

"මව්තොම ඔබේ ගුරු මවකද"    විමසු විට

දැනුනා සියුම් ආඩම්බරයක්            සිත ට

 

පෙර කරුමය ලෙසින් ඇය ඔත්පල     වූවා

දූ දරුවන්ගෙ ඇපෞපකාරත්          ලැබුවා

ජීවන ගමනේ අනු වසරත්            පසු වූවා

වරුසය අනූ නවයෙදි ඈ            වෙන් වූවා

 

සෝදයි ගෙදර සැමදෙනගෙම රෙදි  ගොන්න

ඇඳුමුත් මසයි අප සැමටම හැඩ         වෙන්න

ගේ දොර වැඩට අම්මා හට අත           දුන්න

අසරණ ලොකු අක්ක ගැන කවියක් මෙන්න

 

වෙසඟේ සුබ පැතුම් එව්වා          පාසලට

මයික්‍රොස් කෝපයක් ලැබ දුන්නා මෙමට

මංගල වලදි අපෙ ඔහු ආවා          පෙරට

කප් රුක අපේ ලොකු අයියා     උඩුපිලට

 

වත්තේ වැඩට උරදී කඩයටත්          ය න

හවසට ගෙදර ජල සැපයුම නියම    වු ණ

දිය කළ දෙකක් උරහිස මත තබා  ගෙ න

මතකය මගේ ගුණසිරි සෝමසිරි   ගැ න

 

වරුසය පනස් හත අප හට     සරු    වසකී

සෝමයියත් මමත් ගුරු ලෙස    එලිය දකී

අක්කා බන්ටි ඒ වන විට ගුරු          මවකී

අම්මගෙබරට ලැබුණේ ලොකු  සහනයකි

 

ඉදිරිය සිහල උළු පිටුපස පොල්       අතුය

මහගෙයි වහළෙ ඒ කාලේ ඒ         ලෙසය

ඒ අඩුපාඩු සැපිරුවෙ ගුණ           අයියා ය

පනහේ නවයෙ ඔහු හොඳගුරු භවතෙක්ය

 

නේවාසිකය අපි දෙන්නට නිවස      වුණා

ඉඩ නැති විටදි එක ඇඳෙහිත් දිගා    වුණා

ඉගෙනුම ක්‍රීඩාව හොඳ හැටි පුහුණු  වුණා

මගෙ මේ කවිය බන්ටක්කට තිලිණ වුණා

 

හාමිනෙ නංගි මා සමඟින් ගලට        ගියා

ගලඋඩ වැටිල ඇගෙ නළලත පැලිල ගියා

ගොන්බැඳි කරත්තෙක උඩුපිල සිට  නංවා

මැහුමක් දමන්නට ගම්පහ අරන්       ගියා

 

ඕනැම.වැඩක් ඔහු හට කිරිකජු     මෙන්‍ ය

නැණ ඇස යොදා ඒවා ජය        ගන්නේ ය 

අඩියෙන් අඩිය බැංකුවෙ හිනි    නැග්ගේය

මේ කවි මාලෙ ලොකු මල්ලිට    දැමුනේය

 

චන්ද්‍රත් මමත් සිටියා ආගර          පත නේ

බිම සිට වතුර ඇද්දා ගෙට කඳු      මුදු නේ

හැමදා ඉගනුමෙන් හොඳජය   ලබමින්නේ

චන්ද්‍රා සිටියි අද අප පවුලේ            මුදුනේ

 

එකවර රැකිය තුනහතරක්      ලැබුණේය

විකිරණ ශිල්පි,    පී. එච්.අයි.         ඒවාය

පියාගෙ ශිල්පෙ තව දුර ගෙනි    යනවාය

අමරේ මල්ලි අප පවුලේ          හපනා ය

 

අම්මා සිටි කාලෙ ඇස මෙන් ගත්ත       බලා

ට්‍රිප් යන විටදි අම්මාවත් හවුල්              කලා

දහ දෙනෙකුගෙම දරුවන්ටත් මෙහෙය කලා

නෝනා පවුලෙ දුක් ගන්නා රාළ         වෙලා

 

විද්‍යා උපාධිය ලබමින් ඉහළ             පෙළ

ඉංගිරිසියත් ඒ තරමට ප්‍රගුණ              කළ

රුවනැණ යහ ගුණෙන් හදවත සුවඳ   කළ

වියතෙකි මල්ලි මුළු පවුලම එලිය      කළ

 

පවුලේ එකොළහකි සුළු පිය නව දෙනෙකි

මහම්ම පද්මක්ක එකතුව        එකොළහකි

සැමටම ඉදෙන්නේ එකමෙක   බත් එකකි

සමගිය සමාදානය රැඳි මහ            ගෙයකි

 

සමහර දාට ආවා කරලැයි              නැන්දා

තව දවසකට ආවා දොච්චා              උන්දා

කරුණා, අමර, රූපා, අප්පූ              උන්දා

මේ අය අපේ බත් හැලියේ        රස වින්දා

 

ආවත් කටු කොහොල් දිවිමග නැතිව  දයා

අඩසිය වසක් පාසල වෙත ගෙවී        ගියා

දරු මුනුබුරන් ලැබ ඇති දියුණුවද      බලා

සතුටින් සිටිමි ජීවිත ගඟ  යාවි          ගලා

 

*****//******//******//******//******



[3:40 AM, 1/26/2021] උක්කුං නැන්දා- කිත්සිරි 

 කාජරපුර කිව්වෙ කතරගමට. තාත්තා ලෙඩ වුනාට පසුව තමයි දුම්රියෙන් අනුරාපුරයට ගියේ. කතරගම ගමනට ව්යදම රුපියල් දෙසිය පනහයි. යාල ගියෙ අහම්බෙන්. තව රුපියල් පනහක් දෙනව නම් යාල යන්න පුලුවන් කිව්වා. මම කැමති වුනා ඒ ගමන යාමට.

වාහන පොරෙන්දු වුණ ලොකු මල්ලිට ස්තුති කරනවා. අනුරාපුර  වට වන්දනාවේ එක්ක ගියේ ලොකු අක්කලා වාහනයක් හයර් කරගෙන. කතරගම ගමන ගිහින් එනකොට බාප්පල බය වෙලා පොලිසි යන්නත් ලෑස්ති වුනාලු.


1/31/2021 බන්ටි නැන්දා - වික්‍රමාරච්චි

 අප පවුලේ දැනට සිටින වැඩිමහලා මමයි

ඔබ නොදන්න මා දන්නා තොරතුරු නම් බොහොමයි. 

මා ඉපදුනු වේලාවේදි සිදුවූ දේ මෙයයි

කියලා මට කියා දුන්නේ සෝමයියා තමයි


මා ඉපදුනු වෙලාවේදි බලන් හිටපු පියා

ඔලුවේ අත ගහ ගත්තලු මං ඉවරයි කියා

කොල්ලන් තුන් දෙනෙක් ලගට කෙල්ලෙක් යැයි කියා

පියාට තද බල අපලලු ඒකයි බය එයා


අපලේ පල දෙන්න වගේ ගියාලු ටික කලක්

පියාගෙ කකුලේ හැදුනලු 'ඇටපලාන' ගෙඩියක්

ගෙඩිය පැසව ගන්නට නම් යනවලු තුන් මසක්

ලෙඩාගෙ දිවි නැති වෙනවලු හැදුනොත් හෙම උණක්. 


ගෙඩිය පැසවු දවසේ අප පියාට උණ ගැනිලා

ගෙඩියට වෙදකම් කරනා මහතා එය දැකලා

දැන්නම් මොනවත් කරන්න බැහැ යයි මට කියලා

ආපසු යන්නට හැරුනලු හොදටම බිය වැදිලා. 


අපෙ අම්මගෙ අම්මාවන මහම්ම එය දැකලා

දුවල ගිහින් වෙද මහතා ළග දණින්ම වැටිලා

වැදලා කිව්වලු ගෙඩියට බෙහෙත් දෙන්න කියලා

ගෙඩිය පලලා සුව කලාලු හොදටම වෙර දරලා. 


බන්ටි නැන්දා



[7:44 AM, 1/26/2021] උක්කුං නැන්දා-

ඉස්සර ලොකු අයියත් ලොකු අක්කට කවි යැව්වා. මේ එයින් කීපයක්.

 

කැවුම් කොකිස් රබකැන් සහ අතිරස

නැවුම් සුවඳ විහිදෙව්වා දසදෙස

 

බෝතල ගනනක් හිස්කල මපියා

කිසි කලබලයක් නැතිවම සිටියා.

 

සුලු මව්, සුලු පිය, නංගිල සැමදෙන

නඩයට එක්වින මාපිටිගම යන

 

ලොකු අයියට සරත්ල කිව්වේ ගිරා මාම කියල. ඒ ඔවුන්ට සෙල්ලම් ගිරවෙක් තෑගි දුන් නිසා.

 

 

[8:21 AM, 1/26/2021] විජය බාප්පා:

 

මේ කවි පන්තිය කියවන විට අම්‍මා ගැන මතක් කර ඇති කිප තැනකදී ම  මගෙ ඇස් වල කඳුළු පිරුණා. මේ ලියන්නෙත් කදුඑ පිරි දැසින්. එක දවසක් අපේ ගෙදරදි අම්මාව මම වත්තන් කරගෙන වැසිකිලියට ගෙනගොස් ඊට පසු සේදුවා. එවිට අම්මා කිවා පුතේ උබ බුදු වෙයන් කියලා. මේක තාමත් මගෙ හිතේ රැව් පිළිරැව් දෙනවා

 

 

[2:43 PM, 1/26/2021] අමර බාප්පා:

දම් දස් මල්ලී අමතක කලොත්  හොඳ නෑ

 

දං පඳුරැ අස්සේ

රිංගුවා මහ හේනේ

මට මතක පද දෙකක්. බන්ටි අක්කට සහ උක්කුන් අක්කට වැඩිය මතක ඇති.



 අමරසිරි වික්‍රමසිංහ - මගේ ජීවිත කථාව පොතෙන් (සංස්කරණයට පෙර)

 

මගේ ජීවිත කථාව-සංස්කරණයට පෙර

 

[2:13 PM, 1/26/2021] විජය බාප්පා:

මා යන විටත් විදුහල්පති ඔහු මය. එම කාලෙය් සිටි. ආට නටා නට්ට සුබා කසිප්පු වා යන අය ගෙන් හිටියෙත් නැටුම් ගුරුත්, කසිප්පුවා යනුවෙන් හැඳින්වූ අමරසේකර මයාත් පමණි.

 

[2:27 PM, 1/26/2021] අමර බාප්පා:

ගණන් වලට උත්තර දීලා ඔක්කොම හරි ගියාම ඔක්කොම ලකුණු දෙන්න හොඳ නෑ කිව්වේ අමරාස්කර මයා නේද?

 

[2:43 PM, 1/26/2021] විජය බාප්පා:

ඔව් මට ලකුණු 96 විතරයි. තව ඵක්කෙනෙක් 54 අරන් තිබුණා. අනිත් සියල්ලෝම ලකුණු 1 හරි 0 හරි.

 

[2:45 PM, 1/26/2021] අමර බාප්පා:

මට මතක ඔක්කොම ගණන් හරි උනත් ලකුණු දෙන්න හොඳ නෑ කිව්ව කියල.

  

[3:47 PM, 1/26/2021] උක්කුං නැන්දා: කිත්සිරි

අමරසේකර සර් ඔයාලගෙ කාලෙත් හිටියද? පැට්‍රික් ගුණවර්ධන මගේ ක්ලාස් teacher. මම කියන සර් ආවේ දොම්පෙ ඉඳලා කාර් එකේ.

 

[4:28 PM, 1/26/2021] අමර බාප්පා

අපේ කාලේ පැට්‍රික් ගුණවර්ධන. නියෝජ්‍ය විදුහල්පති සිංහල බෑ. වේවැල අරන් කොරිඩෝව දිගේ ගිහින් කොල්ලො උන්නොත් පස්ස හරවන්න කියල වේවැල් පාර දෙනවා. අපි ගිහින් ටික කාලෙකින් එයා ඉබ්බාගමුව ප්‍රින්සිපල් වෙලා ගියා.


අමරසිරි වික්‍රමසිංහ - මගේ ජීවිත කථාව පොතෙන් (සංස්කරණයට පෙර)

අමරසිරි වික්‍රමසිංහ - මගේ ජීවිත කථාව පොතෙන් (සංස්කරණයට පෙර)



[10:37 PM, 2/7/2021] විජයසිරි:

උක්කුං අක්කාත් තුල්සිත් කියා තිබුනා මම ඉංගිරිසි ඉගෙනගත්තා කියලා. OL කරනවිට මට ඉංගිරිසි ප්‍රශ්නපත්‍රයවත් කියවන්න හැකියාවක් තිබුනේ නැ. Chandrasena අයියා තමයි මාව දිරිමත් කළේ. මම ඉස්සෙල්ලම ඉගෙන ගත්තේ පබිලිස් මාමා කියල අම්මගෙ ඥාති සහෝදරයෙකුගෙන්. පසුව මම දෙල්ගොඩ පුස්තකාලයෙන් ඉංග්‍රිසි පොත් ගෙනත් කියෙව්වා. සිංහල පත්තරවල කතුවැකි එකතුකර එවා පරිවර්තනය කර උක්කුන් අක්කට තැපැල් කර යවා වැරදි නිවැරදි කර ගෙන්වා ගන්නවා. අන්තිම කාලයෙදි . බර්තලමියුස් කියන කෙනාගෙ කතා පුහුණු පන්තියකට ගියා. එක් දිනක් අමරයියට කිවා ඕනැ සතෙකුගෙ නම කියන්න මම ඉංගිරිසි වචනය කියන්නං කිවා. ටිකක් කල්පනා කරල කිවා පලුවන්නං බිංකුඩට කියන නම කියන්න කිවා. මම එම නම දැනගෙන නොහිටියත් පසුවදාම හොයා ගත්තා. මෙම ලිපිය චන්ද්‍රසේන අයියාට උපහාරයක් වේවා!!!!

[4:55 AM, 2/8/2021] අමරසිරි:

 මල්ලි ටික කාලයක් මහර ඉන්නවා මතකයි. ඒ කාලෙ මල්ලි අතේ තිබුනෙ මලලසේකරගෙ ඩික්ෂනේරියමයි. උගුඩුවගෙ නමකියපු හැටි මල්ලිට මතක ඇති. තවත් විශේෂ දෙයක් මතකයි. ඒක වුනේ මහර තිබීච්ච උත්සවයක් දවසක. මහර චන්ද්‍රදාස අයියා(මල්ලි බාප්පා)ගෙ සිරිතක් තිබුනා කාගෙ හරි ලඟට ගිහින් ඉංග්‍රීසි වචනයක් අහලා ඒකට උත්තර දුන්නොත් හිනාවෙන එක. එදා මහර අයයි අපේ අයයි ‍සේරම එයාට උත්තර දෙමු කියල කතා වුනා. එදා එයා ඇවිත් උළුහාල්වලට කියන නම ඇහුවා. පලමු මේසේ ඉන්න කෙනා කිව්වා රයිස් ටයිල් කියල. හිනාවෙවී අනිත් මේසෙට ගියා. ඒ අයත් කිව්වෙ රයිස්ටයිල් කියල. ඉංග්‍රීසි දන්න නොදන්න හැම දෙනාගෙම උත්තරේ උනේ ඒක. ඊට පස්සෙ එයාගෙ ඒ සිරිත ඉවරඋනා.

[8:35 AM, 2/8/2021] අමරසිරි:

කවියක් මතක්වෙලයි මේක ලියන්නේ උඩුපිල පවුලේ වැඩිදෙනෙක් ගේ කටහට ගැඹුරුයි. සෝමයිය ට්‍රෙනින් කොලේජ් එකේ ඉන්න කාලෙ එයාගෙ Autograph එකේ ලියපු කවියක මෙහෙම තිබුණා.

අනුගමනය කරන ඝෝෂක  සිටුගෙ    වත

උඩුපිල සෝමෙ වැනි උදවිය සුලබ   නැත

 [8:53 AM, 2/8/2021] විජයසිරි:

 ඒවගෙම එක්කෙනක් තමයි විජෙදාස එයාගෙ ලොකු සහෝදරයා. එයත් දවසක් මොකක් හරි අහල සවුත්තු කරන පුරුද්දක් තිබුණා. මම එයාගෙන් ඇහුවා කැබැල්ලෑවට කියන නම. ඔහුගෙ උත්තරය armadillo, මම කිව්වා ඒසතා මෙහෙ නැ ඉන්නෙ පිටරට නියම නම pangolin කියල. ඊටපස්සෙ මම ඇහුවා ඉත්තෑවට කියන නම. ඒකත් බැරිඋනා. එතකොට මම කිවා කෝ ඔයා ඉංග්‍රිසි දන්නෙ නැනෙ කියල.  ඒක තමයි මල්ලි අපි නොදන්න වචන කොච්චර තියෙනවද කියල මාරු උනා. එදයින් පස්සෙ කිසි දිනක මා සමඟ ඉංග්‍රිසි ගැන කතා කළේ නෑ.


[11:17 AM, 2/8/2021] චන්ද්‍රා(ශ්‍රීමති):

සෝමසිරි අයියට ජයවඩු විතාන ලියපු කවියක් මට මතක් උනා

එක සපත්තුවට පා ඔබන තරමට               යාලු 

සෝමේ පවුලක් උනොත් මටයි හෝඳටම  පාලු

එතකොටත් සියගණන් නෙලුම් මානෙල්    ඕලු

පිබිදිලා පිබිදිලා අපරාදේ                    පරවේලු


අමරසිරි වික්‍රමසිංහ - මගේ ජීවිත කථාව පොතෙන් (සංස්කරණයට පෙර)







ලොකු අයියා කඩවත ඉංග්‍රීසි ඉගන ගන්න ගියේ ගෝනහේන පන්සලේ නැවතිලා. ඒ පන්සලේ ලොකු හාමුදුරුවො වෑබඩ ධම්මරතන. ඒ හාමුදුරැවො ගෝනහේනට යන්න පෙර උඩුපිල පංසලේ වැඩ ඉඳලා තියෙනනෙ. ගමේ සමහර දායකයො එකතු වෙලා ඒ හාමුදුරැවන්ව එලෝලා තියනවා. පස්සෙ ගෝනහේනෙ මිනිස්සු ඇවිත් හාමුදුරැවන්ව ගෝනාෙහ්නට එක්ක ගිහින් තිෙයනවා අපේ තාත්තා හාමුදුරැන්ගෙ පැත්තෙ හිටියෙ.මම පුං චි කාලෙ හාමුදුරුවො අපේ පවුලෙන් එක් කෙනෙක් ඉල්ලුවා. අම්මා බෑ කිව්වා හාමුදුරුවො අඬ අඬා ආපසු ගියා. ඒ හාමුදුරුවන්ගෙ ගෝලයො තමයි දරණාගම සුගත පාල, ගෝනහේනේ ජෝතිපාල, ඇඹරලුවේ පංඥාසීල. උන්වහන්සේලා ලොකු අයියගේ වයසෙ. ඒ හින්දා ලොකු අයියා එක්ක යාළුයි. ගෝලයො 3 දෙනා තමයි දෙල්ගොඩ පිරීවෙණ හැදුවේ. සැම මාසෙම 18 දින හීල් දානෙ දුන්නේ අපේ ගෙදරින්. අපි දානෙ අරගෙන දෙල්ගොඩ යනවා. එහේ බණ මඬුව පොල්අතු පැලක්. ඒ හාමුදුරුවරු 3 නම ම අපේ පවුල ගැන ගුණ කියනවා. ලොකු අයියා පරිවර්තනය කරපු රතුහැට්ට කාරි පොතේ හරි වැරදි හැදුවේ ජෝතිපාල හාමුදුරැවො. ලොකු අයියා සති අන්ත ගෙදර ආපු සමහර දවස්වල දෙල්ගොඩ පංසලට යනවා මට මතකයි.






No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි