මහර වික්‍රමාරච්චි පවුල

 

පවුලේ වැඩිමලා අජිත් නන්දන සිය දරු පවුල සමඟ 2021 නොවැම්බර් - මුණුබුරාගේ උපන් දින සැමරුම


[4:54 PM, 2/1/2021] අජිත්:

මගේ තාත්තා ගේ මරණයට පෙරදින රාත්‍රියේ තමා මියගිය (හෝ මියයන) බවත් අවසන් කටයුතු බාර දිය යුත්තේ සෝමසිරි මාමාට බවත් අම්මාට පවසා ඇත. පසු දින උදයේ ඔහු හමුවූ විට මා ඇසූ "If you died, how did you see that? Where were you?” යන ප්‍රශ්නයට ඉතා පැහැදිලි ලෙස වහලය දෙසට අත දික් කොට "I was there” පැවසූ ඔහුට මා විහිළු කලේ ඔහු සිහිනයක් දකින්නට ඇති බවයි. එදා තත්තාගෙ මුහුණේ වූයේ confused පෙනුමකි. මා එතැනින් රාජකාරිය සදහා නික්මයද්දී ඔහුගේ නෙතේ කඳුළු බිඳුවක් වූ බව මට අදටත් මැවී පෙනේ. පෙර දින රාත්‍රියේ තමා මිය යනු දුටු මගේ තාත්තා මගෙ හමුවෙන් පැය තුනකට පසුව නින්දේදීම මිය ගියේය

තාත්තා ගේ පහලොස්වැනි දානය පසුගිය සෙනසුරාදාටයෙදී තිබුණි. ඊට සමගාමීව සුදත් විසින් රත්නපුරයේ වැඩිහිටි නිවසකට දානයක්ද පිරිනැමිණි.

හැම දෙනා අතරම අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙකු වූ අපේ තාත්තා දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකීවා යන්න අපේ ඒකායන ප්‍රාර්ථනයයි.


[7:41 PM, 2/1/2021] දීප්ත:

 මගේ ජීවිතය තුළ මා සතුටින්ම සිටි කාලයක් ගැන කිව්වොත් ඒ සීයාතාත්තා,ආච්චි සහ නිල්මිණි නැන්දා සහ එම පවුල අප නිවස තුළ සිටි 2000 දශකයේ මුල් අවධියයි. අදටත් අප නිවස තුළ ඇති කාමර හදුන්වන්නේ අම්මලගේ කාමරය, සීයතාත්තලගේ කාමරේ සහ දදාලගෙ(නැන්දගේ)කාමරේ යනුවෙනි.

එකල රට පුරා විදුලි කප්පාදුවක් තිබුණු අතර රෑ කලුවරේ කතන්දර කීම අපේ ආච්චිගේ(බන්ටි) කාර්‍යයභාරයයි. අරාබි නිසල්ලාසයේ කතා ආදී කතා කප්පරක් අදටත් ආච්චිගේ මතකයේ ඇත.සීයතාත්තා (ධර්මදාස සීයා) ගැන මතක් කරද්දි සමාජයේ කුඩාම ස්ථරයේ සිට ඉහළම ස්ථරය දක්වා මිනිසුන් සිය දහස් ගණනක් ආශ්‍රය කළ පුද්ගලයකි. එවලෙට අදුරගන්න මනුස්සයෙක්ට පවා "කෑම ටිකක් කාල යමු" කියන්න තරම් සමාජශීලී වූ පුද්ගලයෙකි. අදටත් මහර සිටින පැරණි මිනිස්සු සීයතාත්තාගේ ගුණ අප හමු වූ අවස්ථාවලදී වර්ණනා කරති. සීයතාත්තාගේ අවසාන කාලය තුළ ඔහුගේ ම මරණය පිලිබඳ කළ කතා ගැන මටත් අත්දැකීම් ඇත. සීයතාත්තා රෝගී වීමට පෙර නිරන්තරයෙන් සිගරට් බීමට හුරුවී තිබුණු බවත්, සිගරට් බීම පිලිබඳව වැඩියෙන්ම සතුටු උනේ මා බවත් මට මතකය. ඒ නිතර සිගරට් හිස් පෙට්ටි එකතු කිරීමටත් ඇතුළේ තිබෙන රත්තරන් පාට කොලය ගලවා එකතු කිරීම මගේ විනෝදාංශයක් වූ හේතුවෙනි. නමුත් කල් යත්ම එහි ආදීනව අඳුනාගත් මා මගේ දිවිය තුළ මොනයම් අවස්ථාවක හෝ එකදු සිගැරට්ටුවක් බී නොමැත. සීයතාත්තා යනු සැහැල්ලුවෙන් ජීවිතය පිලිබඳ සිතූ ජීවිතය වින්ද අප ජීවිත තුළ අද්විතීය චරිතයකි. අදටත් ඔහු පිලිබඳව සිහි කරද්දී සිහියට නැගෙන්නේ මහර මහගෙදර තුළ දොර ඉදිරියෙන් ම ඇති කලු පාට පුටුවේ ඉදගෙන සිටින සිනාමුසුව සිටින ප්‍රසන්න රූපයයි. නිවන් සුව ලැබේවා සීයතාත්තේ!!!!



දීප්ත වෙත,

“..අදටත් ඔහු පිලිබඳව සිහි කරද්දී සිහියට නැගෙන්නේ මහර මහගෙදර තුළ දොර ඉදිරියෙන් ම ඇති කලු පාට පුටුවේ ඉදගෙන සිටින සිනාමුසුව සිටින ප්‍රසන්න රූපයයි..” ලෙස ධර්මදාස මාමා (ඔබේ සීයාතාත්තා) ගැන ඔබ මතකය අවදි කරයි. එවිට මට මතක් වන්නේ මාමාගේ පියා හෙවත් මහර සීයා පරණ මහ ගෙදර පාරට විවෘත ඉස්තෝප්පුවේ හාන්සිපුටුවේ පාරට මුහුණලා ඉඳගෙන සිටින ආකාරයයි. සීයා නැතිවූ පසු එතනින් ගමන් කරන අප දන්නා අය කීවේ මහර දකින්නට තිබූ සංකේතයක් දැන් දකින්නට නැති බවයි. මට මතක ආකාරයට පාරේ ගමන් කරන අය නතර වී සීයා සමඟ පොඩි කාලයක් හෝ කතාබහ කර යන ආකාරය දැක ඇත.

 එපරිද්දෙන් ම අපේ තාත්තාත් නැති වූ පසු මහර වාසීන් කීවේ මහර දකින්නට තිබූ සංඛේතයක් නැතිව ගිය බවයි.

 න.දී.



වික්‍රමාරච්චි හා විමලාවතී

දෙටු පුත් අජිත් නන්දන හා නිල්මිණි යටියාවල




No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි