[8/13, 19:38] Udu Nishantha: අපේ පවුලේ තවත් කෙනෙකුගේ නමත් ගුවන් විදිලියේ "පැන පොඩි" ප්‍රශ්න විචාරක වැඩසටහනක දී පැවසුනා.
ඒ කවුරුන් ද කියා මතක කාටද ? (පිළිතුර බන්දුල වික්‍රමආරච්චි - ප්‍රශ්නයක් එවීමෙන්. 1980 දී පැන පොඩි
වැඩසටහන කොළඹ පාසල්වලින් පරීක්ණයකින් තොරාගත් පස් දෙනෙකුගෙන් සමන්විත විය. නාලන්දාවෙන්
නිශාන්ත, ඩී එස් සේනානායක, රාජකීය, ආනන්ද, මියුසියස් විද්‍යාල)
[8/14, 05:45] Udu Kithsiriwathi: මට නම් මතකයට
එන්නේ නැහැ. ඒ වුනත් ඕවගෙ පොඩි දෙයක් වුනත් මතක තියන කෙනෙක් තමයි අපේ පොඩි පුතා,
තුෂාර. එතකොට එයා පහේ හෝ ඊට පහළ පන්තියක. මට මතකයි මීට ඉස්සර ඔය වැඩ සටහන ගැන මම
මතක් කළ වෙලේ එයට සහභාගි වුන අයගෙ නම් සහ පාසල් ගැන සදහන් කරල තිබුනා.
අපි මහව ඉන්න කාලෙ තමයි ඔය වැඩ සටහන ගියේ
[8/14, 06:01]
nadeekantha : මම හිතන්නේ ප්‍රශ්න
එවන්න අසන්නන්ට අවස්ථාව තිබුණා. අපේ අයෙකුගේ තෝරගන්න ඇති.
[8/14, 06:29] Udu Kithsiriwathi: මට හිතෙනව
ගුණසීලි අක්කා කියල. අක්කා ඒ දවස්වල ගුවන් විදිලියේ ගීත ගායනා කළා වගේ මතකයකුත් තියනවා.
[8/14, 08:58]
nadeekantha: අත්වැල්
ගායනය
[8/14, 22:58] Udu
Amara: නිශාන්ත පැණපොඩි වැඩසටහනට සහ භාගි වුනා මතකයි.
පවුල් හවල් පැන විසදුම් කියා වැඩ සටහනක් තිබුණා, සෝමයියා මම සහ තවත් අය අපේ පවුලෙන් සහභාගී වුනා. අනිත් අය කවුද
කියන්න මතක නෑ. ලලිත් එස්. මෛත්‍රිපාල වැඩ සටහනේ ප්‍රශ්න විචාරක. පලමු ප්‍රශ්නේ සෝමයියට දුවන මුවන් දැක නොදමනු කියන කොටම සෝමයිය නෙළු පලා කියා
උත්තරේ දුන්නා. මගෙන් ඇහුව සුර්ය එළිය පොළවට වැටෙන්න යන වේලාව, මට උත්තරේ දෙන්න
බැරි උනා මම හිතන්නෙ ඒ් 1960 මුල් භාගය
කියා.
[8/15, 06:42] Udu Kithsiriwathi: ඔය හැමටම පෙර
පවුල් හවුල් වැඩ සටහනකට ඉදිරිපත්‌වුනේ මම. ඒ ලොකු අයියා, සෝමයිය හා හාමිනේ නංගි සමග.
ඒ 1960 වැඩ සටහන
පටන් ගත් මුල්ම කාලේ. ඉදිරිපත් කළේ කරුණාරත්න අබේසේකර, නිවේදක ආරියසේන මිල්ලවිතාන. බීසීසී
කොමිපැනියේ ප්‍රචාරක වැඩ සටහනක් - සාම්පල් සබන් කැට හා ටූත් පේස්ට් ලැබුණා. නරඹන්නටත්
ඇහිඳ ගන්න ඒවා වීසිකළා. තර්ස්ටන් විදූහලේ පටිගත කළේ. අපි පළමු වටය දිනුවා. දෙවෙනි
වටයේ ලොකු අයියට ගණිත ගැටළුවක් දුන්න. ඒක බැරි වුනා. පසු කාලෙක අමර මල්ලි කියන වැඩ
සටහන බලන්න මමත්‌ගියා. ඒ 1969 විතර විය
යුතුයි, මොකද මම අපේ මහත්තයටත් එන්න කිව්ව ඒක බලන්න. එයා ආවෙ නෑ, හිමාලිත් ගාමිණී
ඛණ්ඩාරත් ආවා. ඒ අය එකල විවාහ වි නෑ, මාත් නෑ.
1960වෙද්දි අමර
මල්ලි 13 හැවිරිදි කොල්ලෙක්.
ලොකු අයියා ගෙනා ටෙලි ලන්කන් රේඩියෝව එකළ තිබුනේ, ටෙලි පන්කන් පසු කළක තිබුනෙ.
මම ගෙනාවා පොඩි රේඩියෝව
[8/15, 15:41] Udu
Amara: 1969 වෙන්න බැහැ.
එතකොට මම හිඟුරක්ගොඩ 1960 වෙනකොට සුදු
හාමිනේලා කැම්පස් ගිහින්වත් නැහැ. මොකද ඒ අය ගියේ තුරඟ තරග පිටියෙ ආරම්භ වූ (1962) පස්සෙ හැදුන කැම්පස් එකට. එ් අය බැන්දේ 1971 දී. ඉතින් ගාමිණී බංඩාර ඉන්න විදියක්
නැහැ. උක්කුන් අක්කගේ අයියා ඉන්න විදියකුත් නැහැ. එ් අනුව මා ගිය වැඩ සටහන 1965 විතර තියෙන්න ඹ්නේ. එතකොට මට 18 ක් විතර වෙනවා, මම ගිය වැඩසටහන විචාරක ලලිත් එස් මෛත්‍රිපාල - එ්ක ස්ථීරයි.
මගෙන් මෙන්ම සෝමයියාගෙන් අහපු ප්‍රශ්නත් මට හොඳට මතකයි.
[8/15, 16:32] Udu Kithsiriwathi: 1960 ගියෙ මා එක්ක ගිය කණ්ඩායමයි.
මම කියල තියෙන්නෙ 69දි, වැඩ සටහනක් බලන්න ගිය බවයි. මම ඊට සහභාගි වුනෙ නෑ.
හාමිනේ නංගිත් තව කණ්ඩායමක් අරන් ගිහින් තියනව. මම 69 ඛලන්න ගිය එක කවුරු ගෙන ගියාද මන්දා. 65 වෙද්දි මම ට්‍රෙනින් කොලෙජ් එකේ. මම
බැන්දෙ ,69 අගෝස්තු.
අයියා මෙහෙ යන එන කාලෙක තමයි ඒක තිබුනෙ. හිමාලිලත් බැදල නෑ. මම කොතනකවත් කියල
නෑ සුදු හාමිනේ 60 ආවා කියල.
මම කියල තියෙන්නෙ 69 එක බලන්න ඒ
අය ආව කියල. නැවත මා කලින් දැමූ එක ඛලන්න.
වැඩ සටහනට චන්ද්‍රා නංගීත් යන්න ඇති. අයියා නොපැමිණි නිසා ගාමිණී ඛණ්ඩාර
මට විහිළු කළා.
69 එක ඔයාගෙම
කියල මම දාල නෑ. එය නැවත කියවා බැලුවොත් පෙනේවි මම දාල තියෙන්නෙ අමර මල්ලි
මල්ලිගෙ විය යුතුයි කියලයි.
සුදු හාමිනේ කැම්පස් ගිය කාලෙ මම හොදටම දන්නවා. පළමු වර අසමත් වුනාම
බාප්පට තරහ ගිහින් තිබුණා. දෙවෙනි වර ඇප්ලිකේෂන් දමන්න මුදල් දුන්නේ ඛන්ටි
අක්කයි, මමයි.
ඔයා ගිය වැඩ සටහන 60 මුල් බාගයෙ වෙන්න ඕන කියල දාල තිබුනෙ ඔයාමයි.
ඒකයි මම කිව්වෙ එතකොට ඔයාට 13 කියල.
[8/15, 20:35] Udu
Amara: මම ලියූ එක
පැහැදිළි කිරීමක් පමණයි. මම ලීවේ 60 මුල් භාගයේ කියා. 68 මම රස්සාවට
ගියේ. 66 හා 67 කටුබැද්ද. ඒ් අවුරුදු 2 ත් 1968 හා ඉන් ආසන්න කාලවලත් මා රේඩියෝ වැඩසටහන්වලට ගියේ නෑ. ඒ් නිසා 66 ට පෙරයි මා එම වැඩ සටහනට සහභාගි උනේ. 1969 නොවන බවයි මම පැහැදිළි කළේ.
[8/16, 06:24] Udu Kithsiriwathi: මගේ නිගමනය
කණ්ඩායම් තුනක් සහභාගි වී ඇත
1 මම, ලොකු
අයියා, සෝමයිය, හාමිනේ නංගි 1960
2 අමර මල්ලි
ගිය වැඩ සටහන 1965 හෝ1966 විය යුතුය. ඒ මම ගුරු විදුහලේ සිටි චසර
දෙක. ඔයා ගිය වැඩසටහන මට මතක නැත්තේ ඒ නිසයි. මම හිටිය නම් අනිවාර්යයෙන්ම මාත් යැවෙනවා.
3 හාමිනේ නංගි
ඇතුළු කණ්ඩායම1969, හාමිනේ
නංගිට බැරිවුනා ඇමතිවරයෙක් ගැන ප්‍රශ්නයකට. උත්තර දුන්නෙ හිමාලිලු. එයින් හිමාලි
ගිය බව සනාථ වේ.
තුන් වරක් ගිහිල්ලත් දිනන්න බැරි වෙලානෙ.
නිකම් උඩ බලන්‌ඉන්නවට වැඩිය මොන මොනව හරි මතක ඇති දේ ලියන එක මනසට හොද
නිසයි මං මේව දාන්නෙ.
[8/16, 12:30] Udu
Ajith: අහන්න ආසයි. ලියා
ගෙන යන්න - අපි කියවන්නේ ආදරයෙන් සහ ආඩම්බරයෙන්.
[8/16, 16:39] Udu
Amara: අපේ අම්ම ඒ්
දවස්වල SLFP ඒකට හරි
හිතවත්. සෝමයියා ඉගැන්නුවේ කැන්දලියැද්දපාළුවේ. සොමයියා UNP මහර ආසනයට. UNP ඒකෙන් ඉල්ලුවේ කැන්දලියැද්දපාළුවේ කමලවර්ණ
ජයකොඩි. සෝමයිය අපේ ගෙදර ඇවිත් කිව්වා SLFP ආවොත් ඒ් අයව මාරැ කරයි - ඒ් හින්දා UNP එකට චන්දෙ දෙන්න කිව්වා. එතකොට අම්මා කිවිවා, පුතේ උඹේ තාත්තා වලෙන් නැගිටල
ආවත් මම ඒ්කට චන්දෙ දෙන්නෙ නෑ කිව්වා. SLFP එක ඒ්
මැතිවරණයෙන් දිනුවා. කොහොම හරි ඊට සෝමයියා කැමැත්තෙන් මැදවච්චි ගියා. එහේ ගිහින් මෛත්‍රිපාල සේනානායකගේ දකූණු අත උනා. 1977 මැතිවරණය වෙලාවෙ ජේ ආර් දිනුවා. තුල්සි අපේ ගෙදර උන්නෙ. ඒ් දිනන ඒ වලාවෙ
තුල්සි පිනුම් ගහ ගහ අම්මව
කේන්ති කලා. එතකොට අම්මා කිව්වා බලාගෙන ඉඳපල්ලා උඹලට හම්බ වෙයි කියලා. බලාගෙන
ගියාම අම්මගෙ අනාවැකි හරියට හරි.
මට තව කවියක් මතක් උනා මැතිවරන ස්ටේජ් ඒකක. හොඳ කවියෙකු වූ සෝමවීර චන්දසිරි කතා කරමින් ඉන්න විට ඔහුට
හූ කියල තියනව. කතාව නවත්තල මේ කවිය කීවලු
ඉපදුන එවුන් නරියන් හට දාව - ජම්මෙන් ලබා
ගත් ඒක උරුමෙකි හූව
කොල්ලනි මෙතැන් දී මා හට හූ කීව - අම්මා ලඟට ගොස් මකවා ගනු හූව
[8/16, 17:13]
nadeekantha: කමලවර්ණ
ජයකොඩි 1975 ට පෙර මහරින්
චන්දේ ඉල්ලුවාද?
1976 දී සෝමසිරි
බාප්පාලා හිටියේ මැදවච්චියේනේ.
[8/16, 19:39] Udu Deeptha:
මම 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න උක්කුන්
ආච්චි කරපු tuition class එක ගොඩක්
බලපෑවා, ඒ ඉගැන්වීමේ
හැකියාව අති විශිෂ්ටයි. 5 වසරෙදී
සිංහල භාෂාවට වැටුණු අඩිතාලම නිසා O/L වෙනකන් මට සිංහල භාෂාවට tuition
යන්න ඕන උනේ
නෑ, ඒ දවස්වල
ශිෂ්‍යත්ව විභාගය දැන් තරම් ලේසිත් නෑ,"සතර" ප්‍රශ්න පත්‍රවල ගණිත ගැටලු , බුද්ධි පරීක්ෂණ එහෙම සිය ගණනක් පුහුණු කරල මාව ශිෂ්‍යත්ව විභාගයට සූදානම්
කරා. චතු
[8/16, 21:05] Udu
Nishantha: ඊට පෙර
කමලවර්ණ ජයකොඩි මහර ගම්සභාවේ සභාපති.
මහ චන්දෙදී, සූරිආරච්චි
කියන්නේ කවුද, අපේ වතුවල
පොල් ලෙලි විකුණන සල්ලිවලින් මහර දිනන්න පුලුවන් කියල සිරිදත්තා ජයකොඩ් මැතිවරණ
වේදිකාවේ කිව්වා.
SKK සූරිආරච්චි
පිලිතුරු දුන්නේ මහර චන්ද දායකයෝ පොල් ලෙලි ගානට තමයි UNP එකේ සිරිදත්තා ජයකොඩි දමා තියෙන්නේ. ඒකට
විරුද්ධව චන්දය පාවිච්චි කරන්න
කියල.
ඒක නිසාම මිනිසුන් සූරියආරච්චි මහතා හට චන්දය දුන්නා.
1977 දී SKK පරාදවීමට ප්‍රධාන කාරණයක් වුනේ, එයා ලඟ හිටපු චන්ඩියා වුන මුදලි හින්දා.
මහර ආච්චි (ධර්මදාස මාමාගේ අම්මා) කිව්වා, සීයා (පොලිසියේ සේවය කළේ ) සිරිදත්තා ජයකොඩිගේ පොලිස් ආරක්ෂකවරයෙක් හැටියට ටික කාලයක් හිටියා කියලා, පොලිස් ආමරි එකේ ඩියුටිවලට පස්සේ.
මහර සීයාට රයිෆල් උණ්ඩයක් පපුවට වැරදිමකින් පත්තු වුන තුවක්කුවකින් (බම්ප් වෙලා නැවත පැමිණි) වැදිලා තිබ්බා. පොලිස් ආමරි එකේ සේවය කරන කාලයේදී.
1977 මහ ඡන්දේ
වෙලාවේදීත්, ඊට පෙර
පැවැත්වූ 1970 මහ ඡන්දේ
වෙලාවේදීත් අපි උඩුපිල හිටියේ.
1970 චන්දේ දවසෙදී තමයි මාපිටිගම ලොකු නැන්දා (තාත්තලගෙ) හෙවත් පත්මා නැන්දාගේ අම්මා අන්තරා වුනේ.
[8/16, 21:49] Udu
Ajith: සිරිදත්තා
ජයකොඩි සීයාගේ ඥාතියෙකු බව ආච්චිගෙන් හෝ අපේ තාත්තාගෙන් අප දනගෙන සිටියා. සීයා
පෞද්ගලික ආරක්ෂකයකු ලෙස සේවය කළ බවක් අප කිසිදාක දැන සිටියේ නෑ.
ඒ හැරත්, සිරිදත්ත
ජයකොඩි යනු පොලිස් ආරක්ෂාව ලැබිය හැකි තත්වයක දේශපාලකයෙකු නොවේ. එවක, ඇමතිවරයෙකුටවත් පෞද්ගලික පොලිස් ආරක්ෂාවක්
තිබුනේද යන්න සැකයක්.
සීයා උපන්නේ 1889 - ඔහු විශ්‍රාම ගන්නට ඇත්තේ වසර 55 කට පසුව 1944 පමණ, මොරටුව පොලිස් ස්ථනයේ සේවයේ යෙදී සිටියදී. ඉන් අනතුරුව ඔහු ෂෝ වොලස් ආයතනයේ සේවය කර තිබෙනවා. 1959 යේ මා උපදින විටවත් ඔහු රැකියාවක යේදී සිටියේ නෑ. වසර 86ක් ආයු වලඳා ඔහු මිය ගියා
[8/16, 21:52] Udu
Ajith: මේ අපේ
සීයාගේ විශ්‍රාම ගත් දින ලබ ගත් නිල ඡයාරූපයයි ස්ථනය මොරටුව පොලිස් ස්ථනය
[8/17, 07:16] Udu
Amara: 1960 මාර්තු
මැතිවරනයට මහරට තරඟකලේ සීරිදත්තා පරාද වුනා. 1960 ජුලි මැතිවරනයට යුඑන්පියෙන් ඉල්පුවේ ඔස්කා ද ලිවේරා. කමලවර්ණ මහර සභාපති
වෙලා සිටිය එක හරි. මම 1968 රස්සාවට යන
විට සෝමයියල හිටියෙ ඇටවීරගොල්ලේ - බන්දු අයිය හිටියෙ කැබිතිගොල්ලෑවේ - ගුණයියලා
හිටියෙත් පදවිය
කිට්ටුව. මම තනිව යන්ඩ බැරි නිසා සෝමයියලා ගෙදර, ගුණයියලා ගෙදර ගිහින්, ඉන්පසු බන්දු අයියා සමග තමයි හිඟුරක්ගොඩ ගියේ.
සිරිදත්ත ඡන්දේ ඉල්ලනකොට පොලිස් ආරක්ෂාවක් තිබුනෙ නෑ. හොඳම උදාහරණය
බණ්ඩාරනායක මහතාට වෙඩි කියන වෙලාවෙ අගමැති ආරක්ෂාවටක් හිටියෙ එක පොලිස් කාරයයි. සිරිදත්කා
බෞධ සමිතියක සභාපති කෙනෙක් වෙලා සිටියා. එයා අලුත්ගම
පැත්තෙ දැන් ඉන්න ගාලු දිස්ත්‍රික්කේ මංත්‍රි කරුණාතිලකගේ ලඟම නෑයෝ.
[8/17, 08:16] Udu Tulsi:
.
සීයා සමග මහර ලිදේ නාන්න යාම විනෝද ඡනක දෙයක්.
මට ඔහු මතකයි.
[8/17, 08:25] Udu Ajith: හරි මැද ඉන්නේ ඔහුයි. ඒ ඔහුගේ විශ්‍රාම යන දිනයේ ගත්ත එකක්.
සේදවත්ත වලව්ව කාගෙද?
[8/17, 08:28] Udu Nilmini
Loku : විජෙවර්ධන
පරපුරෙ හෙලෙනා ඩෙප් විජේවර්ධන කැලණිය පන්සලේ මහ
දායිකාවගේ අයිතිය
[8/17, 08:40] Udu Kithsiriwathi: සේදවත්තෙ
හිටියෙ ඛුද්ධ රක්ඛිතගෙ අක්කගෙ ගෙදර ලිනට් අක්කා හිටියෙ එය එවකට සේදවත්ත
ගමිමුලාදෑනියගෙ ගෙදර. ඇය විවාහ වී සිටියෙ ඔහු සමඟ. එය වලව්වක් නොවේ සාමාන්‍ය
ගෙයකි. මම ලිනට් අක්ක සමඟ එහෙ ගිහින් තියනව
[8/17, 21:48] Udu
Nishantha: ආච්චි කිව්වේ සීයා වෙඩි වැදීම නිසා තුවාල ලැබීමේ සිද්ධියෙන් පසු
ඉස්පිරිතාලෙන් ආවාට පස්සේ, පොලිසියට
නැවත සේවයට ගිය විට තමයි එම රාජකාරිය කෙටි කාලීනව පැවරිලා තියෙන්නේ. සමහර විට
සම්පූර්ණයෙන් සුවය ලබන තෙක් ලබා දුන් ලයිට් ඩියුටියක් ලෙසින් වෙන්න පුලුවන්
සිරිදත්තා මිය වික්ටෝරියා පාර්ක් එකේ නම වෙනස් කීරීම, කාන්තාවන්ගේ අයිතීන් ඉදිරියට ගැනීම ඇතුළු අනෙකුත් පොදු කටයුතු වලට මූලිකත්වය ගැනීමේදී එකල බලවත් අයගෙන් විවිධ වූ බාධා ඇයට හා එම රැස්වීම් වලට එල්ල වුනා.
සමහර විට ඒ කාලයේදී පොලිස් ආරක්ෂාව දෙන්න ඇති.
[8/18, 12:54] Udu
Ajith: අනුමාන සහ
උපකල්පන වලින් එහාට ගිය හැදෑරීමක් මෙවන් කරුණු සඳහා අවශ්‍යයි.
සීයා විශ්‍රාම ගත්තෙ 44 නම්, සිරිදත්තාට පොලිස් ආරක්ෂාව ලැබෙන්න ඇත්තේ ඊට පෙර විය යුතුයි. සිරිදත්තා ඡන්දෙ ඉල්ලන්නේ 1960දී.
අපේ අම්මගෙන් ඊයේ මම මේ ගැන ඇහුවා. එයා කිව්වෙ, සීයා විශ්‍රාම ගිය පසු, පෑලියගොඩ ජීවත්වන අවදියේ ෂෝ වොලස් ආයතනයේ සේවය කලාට පසු ජොබ් එකක් නොකළ බවයි. එමෙන්ම සිරිදත්තා ඔහුගේ ඈත නෑයෙකු බවයි.
අප උපන් දා සිට අපව බලාගත් ආච්චී, අපට කියා ඇති දේත්, අම්මාගේ ප්‍රකාශයත්, නිශාන්තට ආච්චි කීවායැයි අනුමාන කරන දේ හා ඒ හා බැඳුනු උපකල්පන වලට පරස්පර විරෝධීයි.
එහෙත් ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු නිසා මගේ සීයාගේත්, ආච්චිගේත් මතකයන් අලුත් කිරීම ගැන ඔහුට ස්තූතිවන්ත විය යුතුයි. ඔවුන් දෙදෙනා අප පස් දෙනා හදා වඩා ගැනීම ගැන අදත් අම්මා ආදරයෙන් කෘතඥ පූර්වකව මතක් කරනවා.
[8/18, 13:23] Udu Kithsiriwathi: දවසක් කොළඹ යන ගමන් අපේ තාත්තා මාවත් හාමිනේ
නංගිවත් ඒ පෑලියගොඩ ගෙදරින් බස්සවගෙන
ගියා. සිරියාවතී නංගි සමඟ සවස් වෙනකම්ම මිදුලේ කොටු ගහගෙන අඹ ඇට පැන්න හැටි මතක්
වුනා.
[8/18, 17:54] Udu Tulsi:
.
1988 දී මා පලමු වරට වතිකානු නිරීක්ෂණාගාරයට තාරකා විද්යාව හැදෑරීමට ගියා.
ඉන් පසු ඉතාලියේ ට්රියස්ට් නුවර අබ්ඩුස් සලාම් සෛද්ධාන්තික බවුතික විද්යා මධ්‍යස්ථානයෙත් ලංඩනයේ ඉම්පීරියල් කොලීඡියෙත් කල්ගතකර 1989 දී ඇමරිඛාවේ පෙන්සිල්වෙනියා සරසවියට තාරකා විද්‍යාව හදාරන්න ගියා.
[8/18, 18:08] Udu Nilmini
Loku : නිශාන්ත මල්ලි සෞදි ගියේ මොන අවුරුද්දෙද 1989 මගේ පුතා ලැබෙන්න ඉන්නකොට මට තදින්ම
ගැස්ට්‍රයිටිස් තිබුණා
නිශාන්ත මල්ලි එතකොට
නිවාඩුවකට ලන්කාවට ඇවිත් එයා මට යාපනේ නෙල්ලි සිරප් ගෙනත් දුන්නා ලෙඩෙ සුවවුණා
[8/18, 18:43] Udu
Amara: කිය යුතු කරුණක්
තිබේ. 1960 මාර්තු මාසයට
ආසන්න දිනයක ඡන්දය ඉල්ලීම සදහා සිරිදත්තා බාරොන් මාමා හමු වීමට ආවා. එය මා දුටු
දෙයකි. හැබැයි පොලිස් ආරක්ෂාවක් නොතිබුණි. එම මැතිවරණයේදී පිලිප් ගුණවර්ධන දෙල්ගොඩ හංදියෙ රැස්වීමකට ආවා,
අපිත් බලන්න ගියා. මන්ද එවර ලොකු අයියා පිලිප්ට, සෝමයියාද ඔහුට පිලිප්ට පොලිස් ආරක්ෂාවක් නොතිබුණි.
[8/20, 17:15] Udu
Ajith: අම්මාගෙන්
උක්කුං පුංචි අම්මා පෑලියගොඩ ගිය කතාව ඇහුවා. එයාට මතක විදියට, සිරියාවතී නැන්දා ඒගොල්ලත් සමඟ උඩුපිල
ගියාලු. එහිදී යන්ඩ ඕනෙ කියලා ඇඬුවලු. ජයවතී ලොකු අම්මා පෑලියගොඩ ටික කාලයක් හිටියාලු බැන්දට පස්සේ.
[8/20, 17:22] Udu
Amara: ඒ දවස්වල
සිද්ධි ගැන ලොකු අයිය කවි ලියල තියෙනව මට මතක කීපයක් ලියන්නම්. පද කීපයක් මතකයි.
දම් පදුරු අස්සේ රිංගුවා මහ හේනේ විමලා ද නංගී දම් දස්ද මල්ලී ඉස්සර කවි
මතක තිබුණා. දැන් පද විතරයි, උක්කුන් අක්කාට මතක ඇති.
මට තව කවි කීපයක් මතක් උනා. මේ කවි ජයවතී අක්කට ලියල යවපුවා
බෝතල් ගණනක් හිස්කල මපියා
කිසි කලබලයක් නැතුවම හිටියා
මාපිටිගම ලොකු අම්මා සිටියේ - අප නිවෙස්මයි අවුරුදු දිනයේ
සුළු මව් සුළු පිය නංගිල සැමදෙන - නඩයට එක්විය මාපිටිගම යන
[8/20, 17:46] Udu
Ajith: අම්මා අමර
මාමාගේ මුල් පදය ඇසෙන විට, දෙවැනි පදය
මතකින් කිව්වා. මතකය හරි පුදුම දෙයක්
[8/20, 17:51] Udu
Amara: මොක්ද පදය
මුල මතක් කලොත් මටත් මතක් වෙයි
මගේ අවුරුදු 79 - 80 අතර මතකය, බන්ටි අක්කාගේ අවුරුදු 90 මතකය. අපි කවුරුත් වාසනා වන්තයි
[8/20, 18:15] Udu Kithsiriwathi: ඔව් ලොකු
අක්කා ටික දවසක් හිටිය. හැබැයි අපි ගියෙ අක්ක ඉන්න දවස්වල නොවෙයි.
අමරමල්ලී කියු කවිය
මල්ලි දහම් දස්
දං පදුරු අස්සේ
රිංගුවා මාහේනේ
ඒ ධර්ම දාස අයියා බන්ටි ඛලන්න එන්න ඉස්සර ආපු වෙලාවක දන් කඩන්න මාහේන කැලේට
ගිය ගමනක් ගැන
ඉස්සර චන්ද්‍රදාස අයියාලා එල්ඩ්‍රඩ් ඉදහිට උඩුපිල එනව
මට මතක හැටියට ඒ
දෙන්නා කොටහේන දීපදුත්තාරාම පන්සලට
අනුබද්ධ පාසලේ ඉගෙන ගත්තා. ඒ පාසලේ නම මතක නෑ.
[8/20, 18:36] Udu
Amara: මට මතක
හැටියට බන්ටි අක්කට යෝජනාව ආවේ අම්මත් එක්ක දුරුතු පෙරහැර බලන්න ගිහින් - බන්ටි
අක්කා දැකලා - ඊට පස්සෙ ධර්මදාස අයියා, බාප්ප හම්බ වෙලා යෝජනාව ගෙනල්ල තියනව. ඒ
කාලෙ අපි දෙගොල්ලොම
හිටියෙ උඩුපිල ගෙදර. බාප්ප ගෙදර ඇවිත් උක්කුන් අක්කට කකාබහ කරල කියල තියනවා, උඹත්
අම්ම එක්ක පෙරහර බලන්න
පලයන්, මගුලක් ජෝඩු කරගන්න කියලා. පස්සෙ ප්‍රස්ණයක් මතුවුනා දෑවැද්ද ඉල්ලලා. ඊට පස්සෙ බාප්ප කිව්වා අර හමුදාවෙ ඉන්න එකා (මලය
බාප්ප) ඇවිත් අපිටත් වෙඩි තියයි කියලා. බාරොන් මාමගෙ ඉඩමෙ පදිංචියට ගියා, හැබැයි
බාප්පා කළේ බොරුවක්, අර පිට දාලා ඉඩමට රිංගන්න.
[8/20, 18:42] Udu Kithsiriwathi: ඒ මලයා
නෙවෙයි පේමදාස අයියා ගැනයි කිව්වේ.
චන්ද්‍රදාස අයියා පොලිසියෙනෙ.
[8/20, 18:48] Udu
Amara: ඒක හරි මට
පොඩි වැරදීමක් උනේ.
[8/20, 18:49] Udu Kithsiriwathi: දෑවැද්ද ඉල්ලා
ප්‍රශ්නයක් ආවේ නෑ
පසුව මතු වුනේ
හෝල් එක ගැන ප්‍රශ්නයක්
පසුව ගෙදර කරන්න තීරණය වුනා
[8/20, 18:57] Udu
Amara: මට නම් හොඳට
මතකයි දැවැද්ද වගේ කියල. බන්ටි අක්කගෙ මගුල තිබුනෙ හෝල් එකක කියල මට මතක නෑ. කාර් 7 ක මහර ගියා මතකයි. රාමනායකල වනසිජහ
මහත්තයලක් මගුලට ගියා මහර ගෙදරට කනත්ත පාරට හැරෙන කැන ලොකු තොරණක් ගැහැව්වා, ඒක
ගැහැව්වෙ කුමාරි අක්කගෙ තාත්ත රෝබියස් මහත්තයලත් මගුලට ගියා
[8/20, 19:01] Udu Tulsi:
.
බන්දු බාප්පා එක පාරක් කිව්වා බන්ටි නැන්දාගේ රුපියල් 2000 ක දෑවැද්ද රෑට පොලු මුගුරුවලින් ආරක්ෂා කළා කියලා.
ඒ ගණන 20,000 ක් වෙන්න පුළුවන්. එයා කිව්ව දේවල් මට 100% ක් මතක නෑ.
[8/20, 19:03] Udu Amara: බන්ටි අක්කගෙ මගුලට කලින් තමයි ටෙලිපන් රේඩියෝව ගෙනාවේ. ඒක මගුල් මඩුවෙ හයි කළා. අපේ ගෙදර ඉස්තෝප්පුවේ බිත්ති බැඳල ග්‍රිල් හයිකරල රෙපයාර් කළා - ඉස්සරහ ජනෙල්වල කිතුල් පොලු කපල යකඩ දැම්මෙත් ඒ වෙලාවෙ
[8/20, 19:05] Udu Kithsiriwathi: මගුල හෝල්
එකක නෙවෙයි තිබුනෙ - ගෙදර. හෝල් එකේ අදහස අත ඇරියා. බන්ටි අක්ක දන්නව ඒ කාලේ මගුල්
ගෙවල්වලට ඒ අය ගියා. ඒ වෙල්කම් තොරණ ලොකු අක්කාටත් තිබුණා. ඒක ඒ කාලෙ මෝස්තරයක්.
අපේ තාත්තා ජෝන් බාප්පා නමින් හැදින්වූ කුමාරිගෙ තාත්තා තමයි ඒව කළේ. මගුල්
මඩුවත් එයාගෙ නිර්මාණයක්.
[8/20, 19:05] Udu
Amara: තුල්සි කියන
එක හරි 2000 හොයා ගත්තෙ
ලොකු අයියගෙ ඉන්සුවරන්ස් එකෙනි
[8/20, 19:07] Udu Nilmini
Loku : 20, 000ක් වෙන්න
විදියක් නැහැ අපේ මගුල් ගෙදරටත් හෝල් එකට ගියේ 23000යි. දෑවැද්දෙ සල්ලි නෙමෙයි මගුල් ගෙදරට වියදම් කරන්න ගෙනාපු සල්ලියි බන්දුමාමලා
මුරකරල තියෙන්නෙ එයා එකදවසක් අපිට කියලා හිනා වුනා. ගාන මතක නැහැ අම්ම කිව්වා දෑවැද්දට රු 5,000 ක් දුන්න කියල.
[8/20, 19:08] Udu Kithsiriwathi: ඉස්තෝප්පුවෙ
ග්‍රිල් හයි කළේ ඊට පස්සේ. ඒක
කෙරෙවිවෙ මම මල් පෝච්චි තියන්න.
[8/20, 19:10] Udu
Amara: ජොන් බාප්ප
කාර් එලෙව්ව නේද
[8/20, 19:14] Udu
Twinkle: උඩුපිල මහ
ගෙදරගේ පින්තූරයක් කා ළඟ හරි තියෙනවද?
ඒ ගෙදර කඩා දැම්ම එක අනුවණකමක් කියලා මට හිතෙනවා.
අද ඒක හරියට තිබුණා නම්, අපිට ඒකට "වික්‍රමසිංහ වලව්ව" කියන්න තිබුණා.
[8/20, 19:15] Udu Kithsiriwathi: නෑ දෑවැද්ද ට දුන්නෙ 2000යි. නම් ප්‍රසිද්ධ කරන්න දාල මුදල් ගෙනත් තිබුනෙ කලින් දා. ඉතින් රෑ වේගන එන කොට චුට්ටන් පොඩි බාප්පා ඇවිත් කිව්ව ගලේ එලි වගයක් පේනව හොරු වෙන්න ඇති කියල. ඉතින් ගෙදර හිටපු පිරිමි ඔක්කොම හොරු අල්ලන ගියා. ආව හොරෙක් නැ.
[8/20, 19:15] Udu
Amara: දෑවැද්ද
වශයෙන් දෙන්න හිටියෙ ඉඩම් එපා කියල මුදල් ඉල්ලුවා පස්සෙ රු 2000 ක් දෙන්න එකඟ උනා
[8/20, 19:18] Udu
Amara: අවුරුදු 10 උනත් එය මට හොදට මතකයි
[8/20, 19:19] Udu Kithsiriwathi: නැහැ ඒක
ගත්තෙ බාප්පගෙ පන්ඩ් එකෙන්. ලොකු අයියත්, සෝමයියත් ඒ මුදල් වාරික වශයෙන් ගෙව්වා.
[8/20, 19:20] Udu
Amara: ඒක හරි
[8/20, 19:21] Udu
Ajith: හෙට අම්මා
හමු වුනාම මට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. පටන් ගන්න යන්නේ "දං පඳුරු
අස්සේ" කතාවෙන්.
[8/20, 19:23] Udu Kithsiriwathi: පරන මතක
භරිම රසවත්.
මගුල ටික කාලෙකට නතර
වුනාට
පස්සේ තමයි අයියා රේඩියෝ එකත්, ඇලඩින් පහනත් ගෙනාවෙ. ඒ
මගුල් ගෙදරකට වියදම් කරන්න තිබුණු මුදල්වලින් විය හැකිය.
උඩුපිල. පැම්ලි පොටෝ එකේ ඉස්තෝප්පුවෙ කුළුණු පේන්න තිබේ. එම ඡායාරූපය ගූණයියගෙ
හෝම් කමින් දවසෙ ගත් එකක්. එයාල ගෙදර ම හිටියත් මගුල් ගෙදර දාට පහුවදා උත්සවයක්
තිබුනා.
[8/21, 01:55] Udu
Amara: අර්ථ සාධක
අරමුදල පටන් ගත්තෙ 1958. ඒ නිසා බාප්පට පන්ඩ් එකක් කිබුනේ නෑ. ටෙලිපන්කන්
රේඩියෝව ගෙනාපු දවසෙ නෙමෙයි ඇලඩින් ලාම්පුව ව - ඒ කාලෙ ටෙලිපන්කන් රේඩියෙට රු 125.00 ඒක නිසා මගුල් ගෙදරට ගෙනා
සල්ලිවලින් රේඩියෝව ගෙනාවා
කීම වැරදියි. ඒ දවස්වල මගුල් ගෙවල්වලට උරෙක්ම ගේනවා.
[8/21, 05:58] Udu Kithsiriwathi: මම දන්න
තරමින් එහෙම තමයි වුනේ. මට හොදටම මතකයි අයියට ඉන්ෂුවරන්ස් එකක් තිබුණ බව මා දන්නෙ නැහැ. රේඩියෝවත්
ලාම්පුවත් එක දවසෙ ගෙනාවෙ නෑ තමයි. එක දවසෙ ගෙනාව කියා මා කියල නැහැ. රුපියල් 125 යනු එකල විශාල මුදලක්. මගේ මාසික පඩිය
රුපියල් 125කි. සෝමයියාටත් 130ක් විතර ලැබෙන්න ඇති. බන්ටි
අක්කට දුන් දෑවැද්දෙන් එකල සල්ලිවල අගය එකල පෙනේ.
එකල අපේ මගුල්වලට ඌරො ගෙනාවෙ නෑ බන්ටි අක්කගෙ මගුල් දවස් දෙකක් තිබුණා. කැන්දන් යාමට පෙර දින
මගුල් කෑම. මගුල් කෑම කිව්වෙ බතින් සංග්‍රහ කිරීම. තවත් ක්‍රමයක් තිඛුන - ඒ ඇට්හෝම් නමින්
හැදින්වුනා, ඒකෙදි ෂෝටි ඊට්ස්.
බන්ටි අක්කගෙ තිබුනෙ මගුල් කෑම. ආරාධිතය බාප්පගෙ වැඩ පොළේ ලියන මහත්තයා
රෝස් කළ කුකුළෙක් තැබීම එහි විශේෂාංගයක්. බන්ටි අක්කගෙ මගුල් ගෙදරත් තිබුන එකල
කුකුල් මස් තිබුනෙ මගුල් ගෙවල්වලට පමණයි.
බොල්ලෑගල මගේ පාසලේ ස්ටාප් එකක්
ආව බන්ටි අක්කගෙ මගුල් ගෙදර.
අර්ථ සාධක තිබුනත් නැතත් බාප්පගෙ වැඩ පොළේ පන්ඩි එකකින් ගත් බවත් ඒ මුදල
ලොකු අයියත් සොංමයියත්
වාරික වශයෙන් ගෙවු බව මට මතකයි.
[8/21, 06:36] Udu
Amara: මගුල්වලට
තිබ්බෙ රොස්ට් කරපු එක කුකුලෙක් පමණයි. ඒ්කවත් මිනිස්සු කෑවෙ නෑ ලජ්ජාවට. ඒ් කාලේ
මගුල් ගෙදරක තිබුන ප්‍රධාන මාංශය ඌරු මස්. පොඩි බාප්පල තමයි ඌරන්ව පුච්චල මස් කළේ.
ඒපමනක් නොවෙයි අවුරුද්දටත්
ඒ් අය වැලිවේරියෙන් ගෙනාව ඌරො වැලිවේරියෙන් මරාගෙන ඇවිත් මෙහෙදියි මස් කළේ. මගුල්වලට
මාලු හෝ හරක් මස් ගෙනාපු ගෙනාපු බවක් මට මතක නෑ.
[8/21, 06:52] Udu Kithsiriwathi: අවුරුදුවලට
ගෙනාව තමයි. මුලදි ඒ මස් ගත්තත් පසුව අම්ම ඒ පවට දැන දැන සම්බන්ධ විය යුතු නැ
කියල මස් ගත්තෙ නෑ.
කුකුළෙක් කියන්නෙ එකෙක් තමයි.
[8/21, 11:58] Udu
Ajith: ඒත් අම්මට
ෂුවර් නෑ වෙඩින් එකේ ඌරු මස් තිබුනාද කියලා - හෝම් කමින් එකට එන කොට ඌරෙක්ම
ගෙනාවලු උඩුපිලින් පෑලියගොඩ ට.
[8/21, 12:59] Udu
Amara: අතීතෙ දෙවල්
මතකින් ලියන විට අඩුපාඩු කම් වෙන්න පුලුවන්. සමහර දේවල් මතකත් නෑ. බන්ටි අක්ක බඳින
දවස් වෙනකොයට මම
හිතන්නෙ පෑලියගොඩ කවුරුත් පදිංචිව සිටියෙ නැහැ. බන්ටි අක්ක කැන්දන් යනකොට ඒක හෝම්
කමින් වෙන්ඩ ඇති. කාර් 7 ක් ගියා. ඒ
කාලෙ හැටියට ඒක ලොකු ගානක්. මනමාල ජෝඩු යනකොට ගම්වල මිනිස්සු පාර අයිනට ගිහින්
බලන් සිටිනවා. බන්ටී අක්කගෙ
විවාහයට ආසන්න දිනයක තමයි මහර ගෙය මිලයට ගත්තෙ. මට මතක හැටියට රු 3000 හෝ 13000 න්. ඒ කාලෙ මහර හිටියෙ අජිත්ලගෙ සීයයි, ආච්වියි, සිරියාවති අක්කයි, බන්ටි අක්කයි, ධර්මදාස අයියයි පමණයි. අනික් අය සිටියෙ පිට. පේමදාස අයියා
යම් අමනාපයක් කිබුනා ඒ එයාගෙ විවාහය නිසා. මේ මගේ මතකය. අනිත් අයගෙ මතකයනුත් ලියනව
නම් හොඳයි. ඒ මොකද අතීතෙ දේවල් ලියනකොට හරි සුන්දරයි. බන්ටි අක්කගෙ මගුල් ගෙදරදි
අරක්කු දුන්නද කියා මට නම් මතක නෑ.
[8/21, 13:04] Udu
Ajith: හරි, අම්මා ඇවිල්ල තියෙන්නෙ මහර ගෙදරට - මම
අම්මව පටලැව්ව වගේ මහර ගේ සහ
ඉඩමේ ඔප්පුවෙ තියෙන්නෙ 5500 කියල. සමහර විට ඊට ටිකක් වැඩි ඇති.
