Sunday, April 25, 2021

කිත්සිරි ගෙන් උඩුපිල ගලට ඇමතුමක් ...


 

කිත්සිරි ගෙන් උඩුපිල ගලට ඇමතුමක් ....

(2021.04.24)


රබර් යායක් මැද, උස්වී නැගී සිටිමින්

නිසලව නිදා සිටි, ඔබෙන් අප ලද මෙහෙය අමපණය

 

කිසිවෙක් උඩුපිලට , ආවොත්  සෑම විටකම

ඔබෙ සිරි නැරඹූ හැටි, ඔබගෙත් මතකයේ ඇති

 

ශතවරුෂ ගණනක, තොරතුරු ඔබ දැකල ඇති

කථා කළ හැකි නම්, ඒවා ඔබ කියනු ඇති

 

ඔබ තුරුලෙ ඇති පොඩි, පොකුණේ එදා සිටියේ

ගෙම්බන් පමණකි, ඔබටත් මතක ඇතිනේ

 

අද ඔබ වසාගෙන , මහ කැලය පැතිරී ඇත

පින්තූර දුටු විට, මගෙ සිත සසලවී ඇත

 

විෂ ඝෝර සපුනුන්, ඔබ පිරිවරා ඇතිබව

දැනගත් විට මගේ, සිත තව තවත් බියවිය

 

ගල්බෝර ඇදලා, ගල්වෙඩි දැම්ම කාලේ

දෙසවන් වසා ගෙන, හැංගුන අපව දැක්කද

 

ඒවා සිදුවුණේ, තාත්තා සිටි කාලේ

උමගිලිය ලොරියෙන්, ගල් ගෙන ගියා මතකද

 

තැන තැන විසිරී ඇති,ගල් ගෙඩිදකින විටදී

පැරණි අප මහ ගෙට, ඔබගේ දායකත්වය

ලැබීඇති බව නම්, මට නම් සිතෙනවාමයි

 

වරක් ඔබ රුදු විය, ඔබ මතු මත්තේ සිට

පහළට බසින විටදී, හාමිනේ නංගීට

හිරිහැර කළේ, ඇයි ඔබ

 

ඇටය පෑදෙන ලෙස, සිදුවූ තුවාලය දුටු

බියව කෑ ගසමින්, මා ඇය රැගෙන ගිය හැටි

දුටු විට මොකද හිතුනේ

 

නැවතත් ඔබ මත, නැගලා අවට බැලුමට

වෙනදාටත් වඩා, ආසාවක්ද ඇතිවේ

 

දෙයක් නැති වූ විට , එහි අගය වැඩිවේමය

ඒ පඬි වදන මට, මෙතනදි පසක්වේමය

 

තහනම් ඉසව්වක්, එනිසා ඉටු නොවේමය

ඈත සිට බලනට, රුව ඔබේ මතු වේවා...... !

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි