මහර වික්‍රමසිංහ පවුල

 

Mahara, Premasiri Wickramasinghe, Gunaseeli Wickramasinghe nee Weerathunge Family



මහර, ප්‍රේමසිරි-ගුණසීලි වික්‍රමසිංහ පවුල 1980 දශකය මුල 



මහර, ප්‍රේමසිරි-ගුණසීලි වික්‍රමසිංහ පවුල 1980 දශකය අග



ඩබ්.ඒ.ඩී. ප්‍රේමසිරි වික්‍රමසිංහ සතොස සේවයේ වසර 30ක සේවය ඇගයීමේ අවස්ථාව. සතොස වැඩිම කාලයක් සභාපතිව සිටි රසීක් සරූක් මහතා ද මෙහි සිටියි. (1980 දශකය අග)



මද්දුම ලියනආරච්චිගේ දෝන ගුණසිලී වික්‍රමසිංහ සතොස සේවයේ වසර 30 හා 35ක සේවය ඇගයීමේ අවස්ථා. (1980 දශකය අග)  වාඩීවි සිටින ඡායාරූපය-සතොස සේවයේ නියුතුව සිටි කමලා මාකලන්දාව මහත්මිය සමඟ. (1991)  


 

ඩබ්.ඒ.ඩී. ප්‍රේමසිරි වික්‍රමසිංහ (ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක) සතොස මාණ්ඩලික අංශය (1980 දශකය අග)



ඩබ්.ඒ.ඩී. ප්‍රේමසිරි වික්‍රමසිංහ (ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක) සතොස මාණ්ඩලික අංශයේ කාර්ය මණ්ඩල සමඟ. සතොස ලේකම් නිතීඥ එප්.ඒ. කාසීම් මහත්මිය ද මෙහි සිටින්නී ය. (1980 දශකය අග)



ඩබ්.ඒ.ඩී. ප්‍රේමසිරි වික්‍රමසිංහ (ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක) සතොස මාණ්ඩලික අංශයේ කාර්ය මණ්ඩල සමඟ. සතොස ලේකම් නිතීඥ එප්.ඒ. කාසීම් මහත්මිය ද මෙහි සිටින්නී ය. (1980 දශකය අග)


මහර, ප්‍රේමසිරි-ගුණසීලි වික්‍රමසිංහ විවාහය-1963. මනාල මිතුරන් ආර්.ආර්. සමරකෝන් (සතොස භාෂා පරිවර්ථක) සහ ශාන්ති (ගුණසීලිගේ නෑ සොයුරිය) ගුණසීලි පාර්ශවයේ දෙවන මහ ගෙදර සිසි කැළුම් නිවස,පානදුරේ දී.


මහර, ප්‍රේමසිරි-ගුණසීලි වික්‍රමසිංහ පවුලේ දෙවන පරපුරේ දෙවනියා නදීකාන්ත දීපකගේ මංගල දිනය 1997 අප්‍රේල් මොරටුව ශ්‍රීපාලි ශාලාව



මහර, ප්‍රේමසිරි-ගුණසීලි වික්‍රමසිංහ පවුලේ දෙවන පරපුර-වැඩිමල් නිශාන්ත ජනකගේ පනස්වන උපන් දින ඔහුගේ නිවස, කොට්ටාවේ දී 2014 ජනවාරි.



මහර, ප්‍රේමසිරි-ගුණසීලි වික්‍රමසිංහ පවුලේ දෙවන සහ තෙවන පරපුර - ගුණසීලි(මව)ගේ සොහොයුරියක් වන පුණ්‍යා ජයලත් සහ ඇගේ සැමියා ෂෙෆ්ටන් ජයලත් සමඟ-වැඩිමලා නිශාන්ත වික්‍රමසිංහගේ කොට්ටාව නිවසේ දී-2019 වර්ෂය





සේන මහප්පා සහ පොඩි ලොකු අම්මා


පියා පේමසිරිගේ (ප්‍රේමසිරි) උප්පැන්න සහතිකය



හංසක විසිනි...2021.01.29

පොඩි පුංචි

පවුලෙ බාලයා වූ අපේ අම්මාගේ අක්කලා අපට ලොකු අම්මලා වුවත් අපි ලොකු ලොකු අම්මාට ලොකු අම්මා යැයිද අනෙක් දෙදෙනාට පොඩි පුංචි හා සුදු පුංචි යනුවෙන් ද ඇමතුවෙමු.

පොඩි පුංචි අසනීප වෙන්නට පෙර සේන මහප්පා හා පුංචි අපේ ගෙදර ටික කලක් නැවතී සිටි අතර, ඔවුන් ගේ බඩු ගෙනාවේ ලී පෙට්ටියක ය. එහි ඇණ ගලවන්නට ගොස් මගේ ඇඟිල්ලක් තැලුණි. (අපේ ලොකු අයියා අඬුමිටියෙන් ඇණය ගලවද්දී අඩයට අහුවුනේ මගේ ඇඟිල්ලකි)

වහා දුවගෙන ආ පුංචි අම්මා වහා ඇඟිල්ල කටේ දමාගෙන උරන්නට පටන් ගත්තාය. එවිට කඳුලු පෙර පෙරා ඉකිගසමින් සිටි මා මහ හඬින් සිනාසෙන්නට වූයෙන් ඇයද පුදුම වූවාය.

ඇගේ ඉස්සරහා දත් කීපයක් නැති හෙයින් ඈ බොරු දත් කුට්ටමක් පැලඳසිටියත්, අපි ඇසූවිට එසේ නැතැයි සැමවිටම පැවසුවාය. කිසිවිටෙකත් අප ඉදිරියේ දත් නොගැලවූවාය. මට සිනායන්නට හේතුව එදා ඈ දත් කුට්ටම පැලඳ නොසිටීම නිසා හොරය අතටම අසුවීමය.

අසනීපයෙන් සිටියදී මාහට ඇයව බලන්නට අවස්ථාවක් නොලැබුන අතර ඇගේ මරණය දින රාත්‍රියේ අපේ ගෙදර ඉස්සරහා  කාමරයේ තිබුණ ඔවුන් ගේ මංගල ඡායාරූපය බිමවැටී වීදුරුව සුණුවිසුණු වී ගියේය.

 

 

න.දී විසිනි... 2021.01.29

සේන මහප්පා සහ පොඩි ලොකු අම්මා

 හංසක කියා ඇති පරිදි සේන මහප්පා හා ලොකු අම්මා ටික කාලයක් (1977 වර්ෂය) අපේ මහර ගෙදර සිටියෝය. නංගී, මහීසා සරසි ඉපදුනේ ඒ කාලයේ බැවින් නංගීව ඉස්පිරිතාලෙන් ගෙදරට රැගෙන එන විට දොර අසල සිට නංගීව අතට ගෙන සුරතල් කොට ඇඳ උඩට ගිහින් තැබුවේ ලොකු අම්මා ය. ඇය නංගීව නිතර නැලෙව්වා ය - නලවද්දී උඹ ලොකු වෙනවා මට බලන්න ලැබෙන්නේ නැහැ යයි ඇය නංගී දෙස බලමින් වරින් වර කීවා ය. නංගී වැඩිවියට පත් වන විට පොඩි ලොකු අම්මා මෙලොව හැර ගොසිණි.  

 ලොකු අම්මා මට පොඩි ගෙඩියක් ඔයන්න කීවා ය. මම පොල් ගෙඩියක් කුස්සියෙන් තැබුවෙම්. කෝ පොල් ගෙඩිය යයි ඇය ඇසවාය. මම එය පෙන්වූ විට ඇය යලිත් කෝ කෝ කියා විමසුවා ය. මේ තියෙන්නේ කියා මම පොලය නැවත පෙන්වීමී. එවිට එය දුටු සේන මහප්පා සිනා සෙමින් ලොකු අම්මාට කීවේ දේසේ හැටියට බාසේ කියලාය. පොල් ගෙඩියක් ඔයන්න කියපු දේ මම තේරුම් ගත්තේ පොල් ගෙඩියක් හොයන්න යනුවෙනි. මාතර ඈයෝ පොල් ඔයද්දී අපි පොල් ලෙලි ගසති.

සේන මහප්පා ගෙදර තිබූ ලී වලින් විවිධ බඩු අපිට සදා දුන්නේ ය. කුඩා කැබිනට් එකක් සාදා දුන්නා මතකය. ඔවුන් යන විට ලී පුටු කීපයක් සහ බූරු ඇඳ අපට දී ගියෝය. අපි පාඩම් කළේ ඒ සවිමත් පුටුවල ඉඳගෙනය. බූරු ඇඳ අපි බොහෝ ආසාවෙන් භාවිතා කළෙමු.

 හංසක කියා ඇති පරිදි ඇය බොරු දත් වහල ගලවා වතුර ඇති කෝප්පේ දමන්නේ අපට හොරන් ය. අපි බලන්න යන විට කෝප්පය විවිධ ආකාරයෙන් වසා ගන්නී ය.

 න.දී.


හංසක 2021.01.28

මං ගණ අට ගැන ඉගෙන ගත්තේ තාත්තගෙන්. ඉෂ්ඨානිෂ්ඨ ගණ බලන විදියට ඉගෙන ගත්තට, මාත්‍රා, වර්ණ, විරිත්, සඳස් කියන්නෙ මොනවද කියලා නම් මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ 2010 විතර වෙනකම්. හැබැයි මුලින් සිව්පද ලියද්දී තාත්තගෙන් ඉගෙනගෙන තිබ්බ ගණ ගැන දැනුම විතරක් පාවිච්චි කලා.


[10:41 AM, 1/29/2021] Nadeekantha Deepaka:

 විකුම් සඟරාව

 1974-1975 වර්ෂ වලදී මහර වික්‍රමාරච්චි සහ මහර වික්‍රමසිංහ පවුල් පෙරටුව ලියා පළකළ සඟරාවකි. මේවා තාමත් අජිත් අයියා සතුව තාමත් සංරක්ෂිතව පැවතීම මහත්සේ අගය කළ යුතු කාරණයකි. ඒ කාලයේ මම (4 සහ 5 පංතිය) ඇන්ද චිත්‍රකතා සහ නිර්මාණය කළ කතා ගැන කිසිදු මතයක් නොතිබුණත් බන්ටි නැන්දා වරින් වර ඒ කතා ගැන කීවත් එම සඟරාව මේ තරම් හොදින් තිබෙනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා නොකළෙමි. 1975න් පසුව මට ඒවා දක්නට ලැබුණේ 2019 වසරේ දී ය. චිත්‍රකතා ඇඳීමේ දී සතුට පත්තරය ගුරු වූ බව සිතමි.

 බුෂිටාවා සහ මුදු පහ යන මගේ චිත්‍රකතාව ගැන අජිත් අයියා විමසීමේ දී, ලොකු අයියා (නිශාන්ත) බුෂිටා යන්න එකළ සිරිමාවෝ රටට හඳුන්වා දුන් වගා සංග්‍රමයේ දී වගා කළ බුෂිටා මෑ, සෝගම් යන වැවිලි වලින් ආ බව දක්වා ඇත. බුෂිටා මෑ සහ බඩ ඉරිඟු අපේ මහර ගෙදර වවන ලදී. කුඩා මගේ වැඩ මේසය උඩ තිබෙන සෙල්ලම් බඩු අතර මුදු පහක් ද විය-ඒවා ඇඟිලි වලට දමා චරිත මවන ලදී. බුෂිටාවා ලෙස නම් කළේ සිප්පි කටුවකි. එබැවින් ඒවා සමඟ කරන සෙල්ලම් මා චිත්‍රකතාවෙන් ප්‍රකාශනය කරන්නට ඇතැයි සිතමි. 10 පන්තිය වන තෙක් මම විවිධ සඟරා සහ චිත්‍ර කතා ඇඳි අතර ඒවා එකක් වත් දැනට මා සතුව නැත. මීට 1980 වසරේ දී ඇඳි (10 සාමාන්‍ය පෙළ පංතිය) Asterix and Serendeeb (සූරපප්පා සහ ශ්‍රී ලංකාව) කතාව ඇස්ටරික් චරිතය සිටි පස්වන සියවසේ දී ලංකාවේ සීගිරිය ආශ්‍රිතව ඇඳි එකකි. දැනටත් පාසලේ යාළුවෝ ඒවා මතක් කරමින් බලන්නට ඉල්ලා සිටින නමුත් ඒවා එකක්වත් මා සතුව නැත.

 න.දී.

 [5:58 PM, 1/29/2021] හංසක:

 බුෂිටාවා යනු හක් ගෙඩියක් වැනි කුඩා බෙලි කටුවකි. මුදු පහ මතක විදියට ග්‍රැම්පෝනයෙන් ගලවාගත් එවාය. මේවා වලින් හා වෙනත් දෑ වලින් ක්ෂණික රූකඩ නාට්‍යය අපහට පෙන්වීම එකල පොඩි අයියාගේ විනෝදාංශයකි. අපි ඒවා කුතුහලයෙන් නැරඹුවෙමු (මං හා පුංචි). චිත්‍රකථාව ඒ ඇසුරින් නිර්මාණය කරන ලදි.

[8:07 PM, 1/29/2021] හංසක:

තවත් දේවලින් ඒවගේ නාට්‍ය පෙන්නුවා පොඩි අයියා. වඩාත් ජනප්‍රිය (මල්ලිලා අතර) එක තමා සඟරාවට ඇන්ඳේ

 ඒ වගේම කට්ටිය එකතුවී සිටින අවස්ථාවල ළමෝ එකතුව කෙටි නාට්‍යය රඟදැක්වීම ද බහුලව සිදුවුනා.

ඒ අභාෂය නිසා ඉස්කෝලෙදි වික්‍රම සෙනෙවිරත්න (කිරිහාමි) ගුරුතුමාගේ නාට්‍යො පුහුණු වැඩමුලුවලට සහභාගි වුණා. කැම්පස් යද්දි කෙරෙන ඉංග්ලිෂ් කෝස් දෙකේදිම කොන්සට්වලට අපේ පංති ඉදිරිපත්කල නාට්‍යය දෙක හැදුවෙ මං. කැම්පස් එකේදී ඊට වඩා දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් හිටියත් කැ,ම්පස් හිටපු ගෝත රැලක් නිසා ඒවට උනන්දුව නැතිව ගියා. කැම්පස් එකේදි එක නාට්‍යයකටත්, ඉතාලියේ සිටිද්දී එක නාට්‍යයකටත් සුලුවෙන් සහභාගි වුනා. ආර් ආර් සමරකෝන් අංකල් අන්තිම සැරේ හමුවෙච්ච වෙලාවේ (2003-2006 අතර කාලේ) කැමති නම් එයාගෙ අලුත් නාටයයකට එකතු වෙන්න කියලා කිව්වත් ඒක බැරිවුණා.


[12:49 PM, 1/30/2021]  නිල්මිණි වික්‍රමාරච්චි:

 ලොකු මාමා (ප්‍රේමසිරි වික්‍රමසිංහ) තමයි  මට බලෙන් බෙහෙත්  පොට්ටනි හදලා  නිකකොල හැම බෙහෙතක් ම දාලා නාන්න වතුර හදන හැටි කියලා දුන්නේ.

අනුපට මාසයක් යන්න කලින් බඩේ අමාරුවක් හැදුනා stools culture කරාම මොකුත් නැහැ කිව්වා.  ලොකු  මාමා වෙද හාමිනේ ගාවට ගිහිල්ල පොඩි කසායක් ලියවගෙන ආවා. මව් කිරිවල තෙල් වැඩී කියල තෙල් කෑම කන්න එපා. කසාය වඩි 5 බිව්වා. ලෙඩේ හොඳ වුනා.

මාම තමයි අපේ ඇස්වහ පුච්චන්නෙ මොනව හරි කරදරයක් වුනාම. අජිත් අයියා කියනවා ලොකු මාමට කියල පුච්ච ගන්න කියල.

 ලොකු මාම එච්චරට කාටත් හිතවත්.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි

පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි