Sunday, November 15, 2020
Tuesday, November 3, 2020
පවුල් සමූහය
උඩුපිල වික්‍රමසිංහ පවුල් සමූහය
එදා උඩුපිල සමූහය මහ ගෙදරට රැස් වූ විට වැඩිහිටි පිරිමි කාඩ් සෙල්ලම් කරමින් දේශපාලනය ද ඇතුළු විවිධ මාතෘකා කතා කරමින් ගත කළෝය. වැඩිහිටි කාන්තා පාර්ශවය පංචකෙලිය හෝ වෙනත් ක්‍රීඩාවක නියැලී ඉහුම් පිහුම් කටයුතු කළෝය. සමූහයක් ලෙස මේ කටයුතුවල යෙදෙද්දී විවිධ මාතෘතා කතාබහට ලක් විය. වැඩිහිටියන්ගේ කතා බහේ දී විරුද්ධ මත ඉවසූහ. තර්කයෙන් කරණු කාරුණිකව බිඳ හෙලීය. වික්‍රමසිංහ පවුලේ උදවියගේ කතා ශභ්දය ඉහළ වුවත් හොඳ සාකච්ඡා (Conversations) ඇතිවිය. ඒ අතරින් වරින්වර දෙපාර්ශවයෙන් ම කොක්හඬලා සිනාසෙන හඬ ද ඇසුණි. ඔවන්ගේ එම කතාබහ අසා කුඩා අපි දැනුම පුළුල් කර ගත්තෙමු. පොඩි උන් වූ අපි මේ අවස්ථාවලට එකතු වෙමින් හෝ බලාගෙන සිටිමින් හෝ වෙනත් ක්‍රීඩා කරමින් හෝ සිටියෙමු. වත්තේ පිටියේ ඇවිද පළතුරු ගස්වලට වග කීහ. රබර් වත්තේ රබර් ඇට සහ ඔට්ටුපාලු එකතු කළහ. වියළි රබර් ගෙඩියෙන් කරත්ත රෝද සැකසුවෙමු. විශාල ගල් තලාවේ සෙල්ලම් කළෙමු. එහි වැවී තිබුණ අක්කපාන මල් පොඩිකරමින් එහි ශභ්දය රස වින්දේය. එහි තැනින් තැන එක් රැස් වී තිබුණු නෙසිඳෙන වතුර වලවල් වෙනම පරිසර පද්දතියක් විය. එවායේ කඩදාසි බෝට්ටු පා කළෙමු. අසල නෑ නිවාස වෙත ගියෙමු.
මේ සැවොම රාත්‍රියේ දී නිදි යහන්වල සිට විසිපැන වැනි බුද්ධිකලම්භන ක්‍රියාවේ නියැළුණි. වැදගත්ම නිරීක්ෂණය වූයේ මේ කණ්ඩායම් අතර අනවශ්‍ය මැදහත් වීම් නො වීමයි. උඩුපිල දී මෙන් ම වෙනත් නෑ ගෙවල්වල රැස් වන විටෙක දී පවා එම සාමූහික හැසිරිම් රටාව දැකගත හැකි විය.
න.දී.
Subscribe to:
Posts (Atom)
පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි
පවුලේ හිතවතෙක් වූ ඇඹරළුවේ පඤ්ඤාසීහ හිමි