Sunday, August 9, 2026

සීයා සතු පොතකින්

 https://udupilafamily.blogspot.com/

වසර 66 කට පසු ලැබුණු පොත

2026 මැයි 8 පබාවි උත්සව ශාලාවේ දී එනම් දුවගේ මංගල දින බන්දු බාප්පා ශාලාවේ හිමිකරු හමුවී ඇත. ඔහුගේ පියා උඩුපිල සීයාගේ මිතුරෙකි. පොත් පහක් බැන්ද නක්ශත්‍ර පොතක් සීයාගෙන් මෙම මිතුරා ඉල්ලා ගෙන ඇත. පොතට වූයේ කුමක්දැයි සීයාට පසුව අමතකව ඇත - සීයා හිතාගෙන සිටියේ අපේ තාත්තා ගාව පොත ඇති බවයි.

මගුල් දින බන්දු බාප්පා මෙම පොත ගැන මතක් කර ඇත. තාත්තාගේ පරණ පොත් වගයක් ඇතැයි ද, එය ලැබුණොත් දන්වන බව ද ශාලා හිමිකරු පවසි ඇත. ශාලාව පිටුපස මහ ගෙදර ද, අක්කර 4 ක කුඹුරක් ද ඇත. බාප්පා ඒ කුඹුරු වැඩට උදව් කර ඇති බව ද, ඒ කාලයේ වත්මන් ශාලා හිමිකරු බේසමක සිටි ආකාරය ද මතක් කර ඇත.

පොත තිබෙන බව ද පසුව දැන්වීමෙන් පසුව, බාප්පා පොත ගෙනවිත් ඇත. නියම හිමිකරුවන්ට පොත ලබා දීම ගැන ශාලා හිමිකරු සතුට  පල කළ බව බාප්පා කීවේය.

එහි සීයාගේ  නම ලියා අත්සන තබා උඩුපිල ලෙස ද සටහන් කර ඇත.

සෝමසිරි බාප්පාගේ ගුරු විද්‍යාලයේ ලිපිනය ද එහි ලියා ඇත.

පොත අමර බාප්පාට ලබා දෙන බව බන්දු බාප්පා දන්වන ලදී.

පොත දුන් වසර 1960

පොත ලැබුණ වසර 2026

වසර 66 කට පසුව නැවත භාර දුන් පොත.

න/ දී/ වික්‍රමසිංහ















No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

2026 අගෝස්තු ආවර්ජන

  [8/13, 19:38] Udu Nishantha: අපේ පවුලේ තවත් කෙනෙකුගේ නමත් ගුවන් විදිලියේ " පැන පොඩි" ප්‍රශ්න විචාරක වැඩසටහනක දී පැවසුනා. ඒ ක...